(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර නල්ලුරුව මුහුදු වෙරළේ වැල්ලේ සඟවා තිබූ රුපියල් කෝටියකට අධික හෙරොයින් මත්කුඩු සමග නීතිවිරෝධී ව මත්පැන් ජාවාරම්කරන පුද්ගලයකු අද(17) අත්අඩංගුවට ගත් බව කලුතර දිසා අපරාධ ඒකකය කියයි.
එම පුද්ගලයා සමග මත්කුඩු කිලෝ එකයි ග්‍රෑම් 20ක් පොලිසිය බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා 41 හැවිරිදි අයෙකි.
නල්ලුරුවේ ප්‍රදේශයේ පුද්ගලයකු වැල්ලේ සඟවා නීතිවිරෝධී මත්පැන් ජාවාරම සිදුකරන බවට කලුතර දිසා අපරාධ ඒකකයට ලද තොරතුරක් අනුව මෙම වැටලීම කර තිබිණි.
පොලිස් නිලධාරීන් මුහුදු වෙරළේ වැටකෙයියා ගාලක සැගවී සැකකරු එනතෙක් සිට ඇති අතර, සැකකරු පැමිණ වළක් හාරා මත්කුඩු පාර්සලයක් අතටගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇත.
මුහුදේ පාවෙමින් තිබූ මෙම පාර්සලය එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු ඔහුට ලබාදුන් බවත්, පසුව ඒවා වළදැමූ බවත් අත්අඩංගුවට ගත් සැකකරු පොලිසිය වෙත ගෙනඒමෙන් පසු කරන ලද ප්‍රශ්න කිරීමේදී පවසා ඇත.
තවත් මත්කුඩු පාර්සල් වෙරළේ සගවා ඇද්දැයි පරීක්ෂා කරන බවද පොලිසිය කියයි.


2025 නොවැම්බර් මස 04
313
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2131
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1620
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පානදුර වැල්ලේ සැඟවූ කෝටියක හෙරොයින් සමග අයෙක් අත්අඩංගුවට
gamaya Thursday, 17 October 2019 02:21 PM
හරියට අර ගල්කිස්සේ ආච්චිට මැණික් මල්ල වීසිකරලා ගියා වගේ කතාවක් තමයි මේකත්..