IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකරුවෝ දෙදෙනෙක් පලායති

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පොලිස් ආරක්ෂාව මධ්‍යයේ පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවෙන් මිදි පලාගොස් ඇතැයි පොලිසිය සඳහන් කළේය.
 
පලාගිය සැකකරුවන් දෙදෙනා ගම්පහ සහ මාතර ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පැවසීය.
 
මොවුන්ගෙන් එක් අයෙකු අත් මාංචු සහිතව පලාගොස් ඇත.
 
වාහන අමතර කොටස් සොරා ගැනීම සම්බන්ධයෙන් පානදුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඊයේ (29) මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ සැකකරුවෙකු රැගෙන යාම සඳහා බන්ධනාගාර නිලධාරීන් පැමිණ නොතිබූ බැවින් ඔහුව සිර මැදිරියේ රඳවා සිටියදී ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පානදුර මූලික රෝහලට ඇතුළත් කර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ආරක්ෂාව සඳහා යොදාවා තිබූ බව පොලිසිය කියයි.
 
අද (30) උදෑසන 11.00 පමණ වන තෙක්ම බන්ධනාගාර නිලධාරීන් පැමිණ නොතිබූ බවත් පොලිසිය සඳහන් කළේය.
 
එම සැකකරු පලාගොස් ඇත්තේ අතකට දමා තිබූ එක් මාංචුවක් ඉවත් කර එහි අනෙක් කොටස ඇදෙහි තිබියදීය.
 
වාද්දුව පොලිසිය මගින් හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගෙන තිබූ සැකකරු ඊයේ (29) රාත්‍රී පපුවේ අමාරුවක් බව පවසා රෝහල් ගතවී ඇති අතර පොලිස් ආරක්ෂාව මැද සිටි ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරයා ඔහුව කොළඹ යවා සී.ටී පරීක්ෂාවක් කරන ලෙස නිර්දේශ කර තිබූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
 
මෙම සැකකරු පලා ගොස් තිබුණේ අත් මාංචු සහිතව බවත් ඔහු පානදුර නගරයට ගොස් බෝතලයක් කඩා යතුරු පැදි කරුවෙකුට තර්ජනය කර යතුරු පැදිය සහ පැදිකරු සතුව තිබූ මුදල්ද කොල්ල කා පලා ගොස් ඇතැයි පොලිසිය පැවසීය.
 
පැහැරගෙන ගොස් තිබූ යතුරු පැදිය රත්මලාන ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයාගෙන ඇත.



අදහස් (4)

පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකරුවෝ දෙදෙනෙක් පලායති

කපුරු හාමි Monday, 30 December 2019 02:55 PM

හිරකාරයෝ සෘධි බලයෙන් ගියාවත්ද? කොහොමද ඔවුන්ගේ ටිකිරි මොලේ තරම..?

:       0       113

මෝ Monday, 30 December 2019 10:36 PM

ශ්‍රී ලංකා පොලිසිය.රටේ සාමය රකින්න පුරවැසියන් ආරක්ෂා කරන්න දීලා තියෙන්නෙ මේ වගේ ඔළමොට්ටල පිරිසකටද? අරයා තාම හිරේ. ඉතින් මොන කතාද?

:       0       7

sam Tuesday, 31 December 2019 10:33 AM

අනිවාර්යයෙන්ම පොලිසියේ අය මේ පලා යාමට උඩු කරන්නම ඇති. ඒ අයගේ වැඩ තහනම් කරලා පරීක්ෂණ පවත්වා දඬුවම් කළ යුතුයි.

:       0       8

athura Wednesday, 01 January 2020 04:09 AM

එහෙම වෙන්නෙ කොහොමද දැන් රටේ ජනාධිපති ආරක්ෂක ඔස්තාර් කෙනෙක්නෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 159 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1011 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site