IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පානදුර ඇගලුම් කම්හලක් වසාදමයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පානදුර ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත  ශාලාවක සේවක සේවිකාවන්  දිනෙන් දින කොරෝනා  ආසාදිතයන්  බවට අනාවරණය වීම හේතුවෙන් එම කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව  කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය.

මේ වන විට  100කට ආසන්න ආසාදිතයන්  ප්‍රමාණයක්  වාර්තා වීම හේතුවෙන්  මෙම පියවර ගත් බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කීවේය.

ආසාදිත තත්ත්වයට පත්වූ පත් වූ එම සේවක සේවිකාවන්  කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරිය මඟින් වෙනත් ප්‍රදේශයක ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමුකර ඇතැයිද  පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කීය.

මෙම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන්ට නවාතැන් පහසුකම් දී තිබෙන ස්ථානවලම ඔවුන් පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  කාර්යාලය, පානදුර පොලිසිය සහ පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  අධීක්ෂණය යටතේ අනෙක් සේවක සේවිකාවන්  නිරෝධායට ලක් කර  ඇත.

දින 10ක පමණ කාලයකින් පමණ පසු  සේවක සේවිකාවන් සඳහා  සෞඛ්‍ය අංශ මගින් සහ ආයතන වට්ටමින් පී. සී.ආර් පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව  කර්මාන්තශාලාවේ  නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇතැයිද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

පානදුර ඇගලුම් කම්හලක් වසාදමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site