IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පැන්ඩෝරා පේපර්ස් චෝදනාවලට පිළිතුරු

අයථා මුදල් රැස් කිරීම්, බදු පැහැර හැරීම්, මුදල් විශුද්ධිකරණ කටයුතු ඇතුළු රහස් මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් තොරතුරු 'පැන්ඩෝරා පේපර්ස්' (පැන්ඩෝරා පත්‍රිකා) හරහා අනාවරණය වීමත් සමඟ චෝදනාවලට එල්ල වූ ලෝක නායකයන්, රාජ්‍ය නිලධාරීන් සහ ජනප්‍රිය පුද්ගලයන් ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ.

'පැන්ඩෝරා පේපර්ස්' (පැන්ඩෝරා පත්‍රිකා) අනාවරණය සමඟ පළමුවෙන් ඊට ප්‍රතිචාර දැක්වූයේ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ය. කිසිදු මූල්‍ය වංචාවකට ඉම්රාන් ඛාන්ගේ නම ඇතුළත් නොවෙයි.

'පැන්ඩෝරා පේපර්ස්' හරහා අනාවරණය වී ඇත්තේ අග්‍රාමාත්‍ය ඉම්රාන්ගේ රජයේ ඇමැතිවරුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්, හමුදා ප්‍රධානීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් බදු පැහැර හරිමින්, අයථා ලෙස මුදල් එක් රැස් කර තබා ගැනීම ආදී අකටයුතුකම්ය.

පාකිස්තාන මුදල් අමාත්‍යවරයා සහ ජල සම්පත් අමාත්‍යවරයාගේ නම් අයථා මුදල් රැස් කිරීමේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම ඇත. අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ, පැන්ඩෝරා පත්‍රිකාවල නම් සඳහන් සියලු පාකිස්තානුවන් සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ ආරම්භ කරන බවය.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අයත් මොනාකෝ රාජ්‍යයේ රහසිගත දේපළ ඇති බව 'පැන්ඩෝරා පේපර්ස්' අනාවරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් ජනපති පුටින් ප්‍රකාශයක් සිදු කර ඇත. ඒ, එම චෝදනා සියල්ල අසත්‍ය බවත්, තමන් ඒවා ප්‍රතික්ෂේප කරන බවත්ය.

අසර්බයිජානයේ ජනාධිපති ඉලාම් අලියෙෆ්, චෙක් අග්‍රාමාත්‍ය ඇන්රේච් බබීස්, කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා, ඉන්දීය  සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්, සුපිරි පොප් ගායිකා ෂකීරා, නිරූපිකා ක්ලෝඩියා ෂිෆර් මෙන්ම ප්‍රකට ඉන්දීය ව්‍යාපාරික අනිල් අම්බානි ඇතුළු තවත් බොහෝ දෙනකු අයථා මුදල් එක් රැස් කිරීම් සම්බන්ධයෙන් 'පැන්ඩෝරා පේපර්ස්' අනාවරණය කර ඇතැයි පැවැසෙයි.

අනාවරණයෙන් පසු ෂකීරා සහ තෙන්ඩුල්කාර්ගේ නීතීඥවරුන් පවසා ඇත්තේ ආයෝජන පිළිබඳ අදාල බලධාරීන් දැනුවත් කර ඇති බවය. ෂකීරාගේ නීතීඥයා පවසා ඇත්තේ ඇයට එම ආයෝජනවලින් කිසිදු බදු සහනයක් නොවන බව ය. ෂකිරා පදිංචි වී සිටින්නේ මහා බ්‍රිතාන්‍යයේය. ඇය නියමිත පරිදි බදු ගෙවීම් සිදු කර ඇති බව ඇගේ නියෝජිතවරයා මාධ්‍ය වෙත දන්වා තිබේ.

ලොව ප්‍රධන පෙළේ මාධ්‍ය ආයතන නියෝජනය කරන ගවේෂණාත්මක මාධ්‍යවේදීන් 650 කට වැඩි පිරිසක් මෙම අනාවරණය සිදු කිරීමට දායක වී ඇත. ඒ, වසර 7 ක් තිස්සේ ගෝලීය මූල්‍යායතන 14 කින් එක්රැස් කරගත් මූල්‍ය ලේඛන පාදක කර ගනිමිනි. පැන්ඩෝරා පෙපර්ස් හරහා ප්‍රසිද්ධියට පත්වුණු වාර්තා සහ ලිපි ගොනු ගණන මිලියන 12 ඉක්මවයි.

(බීබීසී)



අදහස් (2)

පැන්ඩෝරා පේපර්ස් චෝදනාවලට පිළිතුරු

Raveendra Tuesday, 05 October 2021 01:54 PM

"අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ, පැන්ඩෝරා පත්‍රිකාවල නම් සඳහන් සියලු පාකිස්තානුවන් සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ ආරම්භ කරන බවය." ඔබ තමන් උපන් මව්බිමට අවංකවම ආදරය කරන නායකයෙක්. "ඔබටවත්" ඔබ වටා සිටින අවංක යයි කියාගන්නා තක්කඩින්ට නිසි දඬුවම් ලබාදී මුළු ලෝකයටම ආදර්ශමත් දේශපාලඥයකු ලෙස ලෝක ඉතිහාස පොතේ රන් අකුරෙන් ලියවීමට හැකි වේවා....මෙම අදහස් කිසිදු වෙනසකින් තොරව දියවනාව පට්ටියේ "226 ටම" කියවීමට හැකි වේවා...!!!

:       0       4

Vira Tuesday, 05 October 2021 02:17 PM

මොනවා කියයිද දන්නේ නෑ නේද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site