(ජයන්ත සමරකෝන්)
ගාල්ල බන්ධනාගාරයේ සිට අධිකරණයේ පැවති නඩු විභාගයකට ගෙන ගොස් සිටි දරුණු සැකකරුවෙක් අද (29) දහවල් එක්වරම නිලධාරින්ගෙන් මිදී පලාගොස් ඒ අසළ මුහුදට පැන පීනා යමින් සිටියදී අහසට වෙබි තබා නැවත අත්අඩංගුවට ගත් බව බන්ධනාගාරය පවසයි.
මෙසේ පලාගොස්ඇත්තේ අමිබලන්ගොඩ පදිංචිකරුවෙකි. සැකකරු මංකොල්ල නඩු රැසකට සම්බන්ධ බව ප්‍රකාශකයෙක් කීය.
නඩුවට පෙනී සිටිමෙන් පසු මොහුට දඬුවම් නියම කිරීම ඉදිරි දිනයකට කල් ගොස් ඇති අතර මොහු මුහුදට පැන ඇත්තේ ඒ සමඟම බවද එම ප්‍රකාශකයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහසට නොව කකුල කැඩිලා යන්න වෙඩිතියන්න දන්නේ නැද්ද? තුවක්කු අරගෙන ඉන්න ජේලර්වරු ඉඳිද්දී මෙහෙම හිරකාරයෝ පැනලා යන එකට හිනායනවා.
ඩුබායි වලට යන්න වෙන්න ඇති මුහුදට පැනලා පීනන්න ඇත්තේ... මොකද හොරු, අපරාධකාරයෝ, කුඩුකාරයෝ සේරම ඉන්නේ එහෙ නිසා....
ඒක තමයි කියන්නේ, ඒ අවස්ථාවේදී ආරක්ෂක අංශ ගත යුතු ක්‍රියාමාර්ග පහදා දිය යුතු නැහැ.
කුරුල්ලෙක්ද කොහෙද?
ඔලුගෙඩියටම තියන්නයි තිබුණේ...
මුහුදේ පීනන මිනිහට කකුලට වෙඩි තියන්න පුළුවන් තරම් දක්ෂයෝ බන්ධනාගාරයේ ඉන්නවා නම් මම ලක්ෂ 10ක් දෙනවා.
හොඳ පිහිනුම් ශුරයෙක් වෙන්න ඇති..
දිගටම පීනන්න දුන්නා නම් ඌ මාලදිවයිනට ගියාම හිරේ දානවා...
දරුණු සිරකරුවෙකුට නොවෙයි, සාමාන්‍ය සිරකරුවෙකුට වුනත් පිටතට රැගෙන යන විට අත් මාංචු දමනවා. මේ වෙලා තියන විදියට මාංචු දමාගෙන ගිහින් ඇත්තේ ජේලර්ලා වෙන්න ඕනේ... මෙන්න මෙහෙම තමයි රාජපක්ෂලාත් මිනිසුන්ට බොරු කියලා අන්දවන්නේ...
අහසට යන වෙඩි උණ්ඩ පිටත් වෙන වේගයකට සමාන වේගයකින් පොළවට පතිත වෙනවා. එම උණ්ඩය වැදීමෙන් කෙනෙකු මියයාම සිදුවිය හැක. ඒ හේතුව නිසා එම ක්‍රියාවේ වැළකෙන එක තමා හොඳ. ඇමරිකාවේ සමහර ප්‍රදේශවල ජනවාරි පළමුවෙනි දිනයේ අහසට වෙඩි තබන නිසා නිවසින් පිටත යාම අවදානම් බවකියන්න ඕනෙ.