(ඉන්දිකා රාමනාක)
පොදු ස්ථාන, සහ සාප්පු සංකීර්ණ , වෙළෙඳ සැල් තුළදී මුඛ ආවරණ නො පැලඳ සිටින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
මේ සඳහා නිල ඇදුමෙන් සිවිල් ඇඳුමෙන් පොලිස් නිලධාරීන් යොදා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.
පොලිස් නිලධාරීන් ඊයේ දින තුළ සිදුකළ විශේෂ නිරීක්ෂණයක දී .බස්නාහිර පළාතේ සහ කොළඹ නගරයේ පොදු ස්ථානවල , වෙළෙද සැල් සහ සාප්පු සංකීර්ණ වල , ජනතාව බහුල වශයෙන් ගැවසෙන ස්ථානවල ඇතැම් පිරිස් වූ මුඛ ආවරණ නොපැලඳ සිටින බවට නිරීක්ෂණය වූ බව හෙතෙම කීය.
රට යම්තාක් දුරට විවෘත කර තැබෙන අවස්ථාවේ ජනතාව මේ අයුරින් හැසිරීම අවාසනාවන්ත සිද්ධියක් බවත්, මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා මෙම විශේෂ මෙහෙයුම ආරම්භ කර ඇති බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
COMMENTS
කරුණාකර මෙම දැන්වීම නිවැරදි කරන්න. මුඛ ආවරණ නොව මුව ආවරණ විය යුතුය. සමහර පුද්ගලයන් නාහේට පහළින් කට පමණක් ආවරණය වන පරිදි මෙය භාවිතා කරන්නේ මෙවැනි වැටහීමක් නිසා විය හැක.
මෙයාගෙ කතාව හැම තිස්සෙම අත් අඩංගුවට ගැනීම් ගැන විතරමයි. ඒ කියන්නෙ මර්දනය. මෙයාට දෙන්න ඕන නිල නාමය " අත් අඩංගුවට ගැනීමේ නියෝජ්‍ය පොලිස්පති " කියන එකයි.
අනිවාර්යයෙන් කළ යුතුයි...