
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
සමාජ සේවා වැනි පොදු විෂයන් එක් අමාත්‍යාංශයක් යටතේ පැවතීම වැදගත්බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා )පවසයි.
සමාජ සේවා දෙපාර්තමේන්තුවේ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීම සඳහා මෙම කාරක සභාව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.
එහිදී අදහස් දැක් වූ රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනි පුනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ අමාත්‍යාංශවල විෂය පථය සැකසීමේදී ප්‍රමිතිකරණයක් පැවතීම අත්‍යාවශ්‍ය බවයි.
ආබාධිත දරුවන් වෙනුවෙන් සේවය කිරීමට දිස්ත්‍රීක් මට්ටමින් ආයතන පිහිටුවීමේ අවශ්‍යතාවද ඇය පෙන්වා දුන්නාය.
මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම,ඔවුන්ට පුහුණුව ලබාදීම හා සමාජගත කිරීමේ ක්‍රියාවලිය එක් ආයතනයකින් නියාමනය කිරීමේ අවශ්‍යතාව කාරක සභාව පෙන්වා දුන්නේය.
දීර්ඝ කාලයක සිට සමාජ සේවා දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කළ යුතු බවද කාරක සභාවේ සභාපතිවරයා අවධාරණය කළේය.
2025 දෙසැම්බර් මස 30
109
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
740
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පොදු විෂයන් බෙදීම ගැන කෝපා කමිටුවෙන් චෝදනා