
(යොහාන් භාසුර)
ප්‍රවාහන අමාත්‍යාංශයට යටතේ ක්‍රියාත්මක වන 'සහසර' ව්‍යාපෘතිය ව්‍යාපෘතිය මඟින් රුපියල් මිලියන 200 ක් වැයකරමින් පොදු ප්‍රවාහන සේවා කටයුතු ඩිජිටල්කරණයට ලක් කිරීමට පියවර ගෙන ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.
එම ව්‍යාපෘතිය යටතේ පෞද්ගලික බස්රථ 2000 කට ජීපීඑස් තාක්ෂණය ලබා දීම, බස්නාහිර පළාතේ ප්‍රවාහන සේවා මෙහෙයවීම සඳහා මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම, පොදු ප්‍රවාහන සේවා සම්බන්ධීකරණය සඳහා නොමිලේ දුරකථන ඇප් එකක් හඳුන්වාදීම, මගී ජනතාවට විද්‍යුත් ටිකට් පතක් හඳුන්වාදීම සහ ප්‍රධාන නගර 8ක බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන අටක් පිහිටුවීම යන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් දිනකට කොළඹ නගරයට පැමිණෙන ලක්ෂ 5කට අධික වාහන සංඛ්‍යාව අඩු කරගැනීමට ප්‍රවාහන අමාත්‍යංශය මෙම ව්‍යාපෘති මගින් බලාපොරොත්තු වන බවත් වැඩිදුරටත් පවසයි.
ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ප්‍රවාහන අමාත්‍යාංශයේදී අද (7) පැවති විශේෂ සාකච්ඡාවේදී මෙම කරුණු හෙළි වූ බවද ප්‍රවාහන අමාත්‍යාංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කීවෙනි පාරද..? අලුතින් ඇමැති කෙනෙක් ආපු ගමන් මේ මාතෘකාව දානවා. කලින් අර සුභාවිත ගීත ආවා.. කෝ දැන් ඒවා... GPS එකත් ආවා.. අවුරුදු 3 කට කලින්.. කෝ ඒ සිස්ටම්? කිසිම ප්‍රතිපත්තියක් නැතුව ඔහේ යන ප්රෝජෙක්ට් තමයි මේවා... තවමත් මිනිස්සුන්ට කිසිම සේවයක් නැති සල්ලි ගසාකන සෙමි ලක්ෂරී තහනම් කරගන්න බැරි වුණු රටක් මේක...
කී පාරක් ඕක කරන්න හැදුවද? නම විතරයි වෙනස් වෙන්නේ... ටික දවසක් වෙනවා. ඊට පස්සේ ඉතින් පරණ පුරුදු විදිහටම යනවා. කොමිස් කුට්ටිය සාක්කුවට යනවා.
රුපියල් මිලියන 180කට විතර වැඩක් දෙන්න තමයි ඔය යන්නේ... වැඩ සටහන් පටන් අරන් මාසයකට පස්සේ ඔක්කොම හබක්.... හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියයි. වගකීම භාරගන්න කිසිවෙක් නැහැ..... ඇප් ඒකකුත් හදයි... මොන පිස්සුවක් ද මේක...?