(විනීතා එම් ගමගේ)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තවත් පක්ෂ 14 ක් සමඟ අවබෝධතා ගිවිසුම් අස්සන් කිරීම එම පෙරමුණේ මිරිහාන මැතිවරණ කාර්යාලයේ දී අද (04) පෙරවරුවේ සිදුකෙරිණි.
එහිදී පක්ෂ හා පෙරමුණු 15 ක් නියෝජනය කරමින් ඒවායේ නියෝජිතයන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා අතර ගිවිසුම් අස්සන් කෙරිණි.
මෙම පක්ෂ හා පෙරමුණු අතරින් බහුතරය මීට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ එක්ව සිටි පක්ෂ හා පෙරමුණු වේ.
අකිල් ඉලංගෙයි ද්‍රවිඩ මහ සභාව, ශ්‍රී ටෙලෝ පක්ෂය, ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂය, ජනතා සේවක පක්ෂය, එක්සත් ලංකා ජනතා පක්ෂ්‍ය, ඉන්දීය සම්භවයක් ඇති ජනතා පක්ෂය, නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ, දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය, ප‍්‍රගතිශීලී ජනතා සේවක පක්ෂය, ජාතික පෙරමුණ, එක්සත් ප‍්‍රජාතන්ත්‍රවාදී මහජන පක්ෂය, එක්සත් ලංකා පොදුජන පක්ෂය, දේශපේ‍්‍රමී ප‍්‍රගතිශීලී ජනතා පෙරමුණ, ඉස්ලාම් සමාජවාදී පෙරමුණ සහ ශ්‍රී ලංකා මහජන කොන්ග්‍රසය යන පක්ෂ හා සන්ධාන මෙසේ ගිවිසුම්වලට එළැඹුණහ.
ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් එම ගිවිසුම්වලට අත්සන් කරනු ලැබුයේ එහි ලේකම් සාගර කාරියවසම් මහතා විසිනි.
එම ගිවිසුම අස්සන් කිරීමෙන් පසු ඒ ඒ පක්ෂවල නියෝජිතයෝ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ඡායාරූපයකට ද පෙනී සිටියහ.
ඡායාරූප- ලහිරු හර්ෂණ






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර පක්ෂවල ඡන්ද 10ක් වත් නැත. සමහර පක්ෂ නම් අහලත් නැත.
මේ පක්ෂ නම් අහලත් නැති ඒවා. මන් හිතන්නේ සමහර පක්ෂ වල නායකයින් පමණයි ඉන්නේ...
මේ පක්ෂවල සාමාජිකන් කීදෙනෙක් විතර ඉන්නවද කියලා කවුරු හරි කියන්නකෝ... කවදාවත් අහලා නැති නම් නිසයි අහන්නේ... අරපැත්තට ඡන්ද ලක්ෂ ගණනක් තියෙන "තමිල් අරසු කච්චි පක්ෂය" සහාය වෙන්න අත්සන් කරනවා. මේ පැත්තට ජීවිතේට අහලා නැති කට්ටියක් ගිවිසුම් අත්සන් කරනවා. ඔහොම කොහොමද අප්පා ඡන්දයක් දිනන්නේ?
අද තමයි මේවගේ පක්ෂ තියෙන බව දැනගත්තේ...
පක්ෂ 14ක් කියන්නේ ඡන්ද 14ක්නේ.. අවුලක් නෑ.. ඕවා පක්ෂද?..
මොනවද මේ පක්ෂ අදමයි ඇහුවේ...? මේ පක්ෂ ටික ඔක්කොම එකට තියලා බැලුවත් ඡන්ද 5000ක් නෑ.
මේ වගේ පක්ෂ එක්ක ගිවිසුම් ගැහුවා කියන්නේ ඉතින් බස් එකක් දෙකක් වගේ පිරෙන්න සෙනඟක් සහයෝගය දුන්නා කියන එක තමයි. දින්නොත් තානාපතිකමක්, කොන්ත්‍රාත්, සභාපතිකමක්, ආණ්ඩුකාරකමක් එහෙමත් නැත්තම් අඩුම ගානේ රජයේ ඉහළ තනතුරක් තමා මෙයාලගේ ඉලක්ක වෙන්නේ. එහෙම බැලුවහම පොඩි පක්ෂයක් අටවගත්තා නම් මල්ල කරේ නිකමට හරි තමන්ගේ අපේක්ෂකයා දින්නොත්...
අඩුම තරමින් මේ පක්ෂවලට ප්‍රාදේශීය සභාවක හෝ එක් නියෝජිතක් හෝ නැත.
මේවයේ නායකයෝ කෙල හලාගෙන බලන් ඉන්නවා ඇත්තේ ගෝඨා ආවහම අපටත් කට්ටක් විසිකරයිනේ කියලා, අඩු ගානේ සංස්ථා සභාපති කමක්වත්. අනේ පවු කියලත් හිතෙනවා අප්පා.. ගිවිසුම් අත්සන් කරලා ත්‍රී වීල් කීපයකින් මුළු පක්ෂ සාමජිකත්වයම ගෙවල්වලට යන්න ඇති.
අදමයි ඇහැව්වෙ (පක්ෂවල නම්)
මොනා ගතවුනත් ඔය හොර ඇමෙරිකන්කාරයාව අපිට එපා. අනිත් පැත්තෙන් හොර ඇමෙරිකන් ඒජන්ත එජාපයත් එපා. අපි, අපේ ගමම විකල්පයට......
දන්නේ නැති නිසයි අහන්නේ ඔය ලංකාවේ තිබ්බ පක්ෂද?
දුශිත පවුල් පාලනෙ බලලෝබි බඩගොස්තරවාදියෝ එක්ක මොන ගිවිසුම්ද? බලය අතට එනකම් ජනතාව ගොනාට අන්දවනවා.
ඔන්න පේනවද මහා සාටකයත් දැන් හූව වදිනවා. මෙයට වසර හතරකට පමණ පෙර නුගේගොඩින් ඇරඹි "මහින්ද සුලඟ" අද මහා චන්ඩ මාරුතයක් වෙලා මුරුගසන් වැස්සක් සමඟින් එන බව නොවේද මේ හැඟවෙන්නේ ?.නන්දා මාලනිය කිව්වා සේ මේ එන්නේ 'ප්‍රේමයේ සුළඟ නම් නොවේ'.
ලෝක හොරුටික ඔය ඉන්නේ ...
මේ තරම් බලගතු අයියා මලෝට වුන දෙයක්. අප්පච්චි කොහොමද ? අගමැති වෙන්නේ නිකන් කාලේ නාස්ති කරනවට වැඩිය මුදලුත් ඉතුරු කරන් පහෙට ජනාධිපති තේරුවනම් හොදයි. මේ පක්ෂ 14 කියන්නේ කොයිතරම් සෙනගක්ද? මෙතන ඉන්නේ කීදෙනාද ? චැනල් කරපු දොස්තර ලග ඉන්නවා මිට වැඩිය සෙනග. දැන් මේ කට්ටියගේ පක්ෂයේ තේමා ගීතය තනි නොකරන්න මා කදුළු සාගරේ කිසිදා 2015 වාගේ.
කෝකියෝ වැඩිවෙලා සුප් එක නරක් වෙයිද දන්නෑ.