(උපාලි ආනන්ද)
රථ වාහන නඩුවලින් පමණක් රුපියල් 6,177,000 ක දඩ ආදායමක් 2019 වසරේදී රජයට උපයා දීමට පදවිය පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ නිලධාරීහු සමත්ව සිටිති.
බීමත්ව රිය පැදවීම, රියදුරු බලපත‍්‍රය නොමැතිව රිය පැදවීම, ලියා පදිංචි සහතිකය නොමැතිව රිය පැදවීම, රියදුරු බලපත් නොමැති පුද්ගලයින්ට තම වාහන සහ යතුරු පැදි පැදවීමට ඉඩ ලබාදීම ඇතු`ඵ රථ වාහන චෝදනාවලට අධිකරණය හමුවේ වරදකරුවන් වූවන්ට දඩ නියම කිරීමෙන් මෙම මුදල උපයා දී තිබේ.
මෙම සියලු සැකකරුවන් පදවිය සංචාරක මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දඩ නියම කරන ලද්දේ, කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා විසිනි.
2018 වර්ෂයේ පදවිය පොලිසියේ රථ වාහන අංශය මගින් රජයට උපයාදී ඇති මුළු දඩ මුදල රුපියල් 4,930,000 කි. ඒ අනුව 2018 වසරේ උපයා දී ඇති දඩ මුදලට වඩා රුපියල් 1,247,000 ක් 2019 වසරේ උපයාදීමට පදවිය පොලිසියේ රථ වාහන අංශය සමත්ව සිටී.
පදවිය පොලිසියේ හිටපු ස්ථනාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්සක කස්තුරිරත්න ධර්මදාස මහතාගේ උපදෙස් මත එම පොලිසියේ රථ වාහන අංශයේ හිටපු ස්ථානාධිපති සැරයන් (33295) අශෝක මහතාගේ මෙහෙයවීම මත පොලිස් කොස්තාපල්වරුන් වන (73120) සේනාරත්න, (69042) කරුණාදාස, (61090) ගලගෙදර, (81249) නිලන්ත, (76890) විජේබණ්ඩාර, (61532) දුලංජන, (89569) නුවන් සහ කාන්තා පොලිස් කොස්තාපල් (9936) රෂිනි යන මහත්ම මහත්මීහු මෙම වැටලීම් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගැන උජාරුවෙන් කථා කරන්න එපා. මේ "ලක්ෂ 61" බදු ලෙස අය කීරීම පොලිසියේ මහා ලොකු මෙහෙයුමක් හැටියට සලකන්න එපා. රජය අවධානය යොමු කළ යුතුව තියෙන්නේ "පදවිය" වැනි ප්‍රදේශයක මිනිස්සුනගෙන් මේ ආකාරයට දඩ මුදල් නොගෙන සිටිමයි. මෙම පුවතින් රටේ නිතිය ක්‍රියාත්මක වන හැටි බරපතල සමාජ-ආර්ථික විවරණයක් කරයි. මේ ප්‍රදේශයේ තිබෙන වාහන ප්‍රමාණය ඒවා කුමන කාණ්ඩයේ වාහන ද කියා සොයා බලන්න. (වාහන බහුතරය පාපැදි, මොටර් සයිකල් සහ ත්‍රවිලර්ය) පදවිය ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ ජනගහනය ගනනය කරන්න? ඒ ජනතාවගෙන ලබාගත් දඩ මුදල සාධාරණ දැයි සොයා බලන්න? මේ දඩ ගෙවපු අය එසේ දඩ ගෙවිමට සල්ලි හොයා ගන්න හැටි ද සොයා බලන්න. පොලිසිය දිනකට එකතු කළ යුතු දඩ ප්‍රමාණයක් නියම කරයි - ඒ ප්‍රමාණය රැස් කිරිම සඳහා පාරේ යන වාහන කුමක් හෝ වැරද්දක් කළ යුතුයි.
රථවාහන දඩ වලින් ලක්ෂ කෝටි ගණන් රජයට උපයා දුන්නා කියන එක ආඩම්බර විය යුතු දෙයක් නොවෙයි. ඒක මේ කියන පළාතේ පොලිසියේ නොහැකියාව සහ මිනිසුන් නිසියාකාරව දැනුවත් කර නීතියට අනුකුලව ක්‍රියා කිරීමට පොළඹවා නොගැනීමේ ප්‍රතිඵලයක්. 2018 ට වඩා 2019 දී දඩ මුදල වැඩි වුවා කියන්නේ රථවාහන පොලිසියේ රාජකාරිය නිසි ලෙස ඉටු නොකළ බවයි. රථවාහන පොලිසිය තියෙන්නේ වැරදි කරනකම් ඉඳලා දඩ ගහන්න නොවෙයි, රියදුරන් වැරදි ක්‍රියා වලින් වළක්වා ගන්නයි. ඒක දඩ ගැසීමෙන් විතරක් කරන්න බැරි බව වසරින් වසර දඩ ආදායම ඉහල යාමෙන්වත් තේරුම් ගැනීමේ හැකියාවක් නැද්ද ? හරි නම් පොලිස් නිලධාරීන් මේ දේවල් මාධ්‍ය වලට නිකුත් කරන්න ලැජ්ජා වෙන්න ඕනෑ.
මේක ලොකු වැඩක් ද? මේකේ සම්පුර්ණයෙන් රටක කරන විනාසය හා පොලිස් දෙපාර්තුමෙන්තුවේ අකාර්යක්ෂම බව මැනිය හැකි ඒකකයකි. 01. පොලිසිය රජයට අදායම් උපදවන ආයතනයක් නොවේ. 02. පොලිසිය පුරවැසියා මංකොල්ල කන ආයතනයක් වෙලා. එතකොට කෝ පොලිස් යන වචනේ I - ඉන්ටෙලිග්ජෙන්ස්. 03. ලංකාවේ පොලිසිය පිහිටවපු දා සිට කරපු වැඩ නිසා හා ඔවුන්ගේ නීතිගරුක නැති කම, පගාව නිසා රටේ නිතිය සාමය නැති උනා. 04. පොලිසිය කටයුතු කළ යුත්තේ රටේ ජනතාවගේ ආකල්ප සාමය හා නීතිගරුක කරන්න. 05. වැරදි කරන මිනිසුන් අවම කරන්න. 06. අපි මේ රටවල මාර්ග නීතියක් කඩ කරන්න ලැජ්ජ්යි. පොලිසිය නොහිටියට අපේ හිතට එකග නැහැ. තව කෙනෙකුට හිරිහැරයක් වෙන විදියට වාහන පදවන්නේ නෑ. හැමෝම එහෙමයි. ඉතින් අපේ ගොන්කම. පේන්න වැරදි කරන්නේ නැහැ. 07 හැම කෙනෙක්ම අනිකාට උදව් කරන්න බලන්නේ කාගෙ හරි වාහනයකට ඉඩ දීලා සතුටු වෙනවා. 08. කාටහරි ඉඩ දුන්නොත් ඔහු උපරිමයෙන් ආචාර කරනවා. 09. පොලිසියේ හා ආගමික නායකයන්ගේ යුතුකම ඒ වගේ රටක් හදන්න. 10. මෙහේ වාහනයක් නැවතුනොත් පොලිසියෙන් ආරක්ෂාව හා හදලා දෙන්න පුලුවන්නම් ඔවුන් එකරලා දෙනවා. 11. තවදුරටත් පොලිසිය නීතිගරුක ජනතාවක් හදන්න එකොළහ ගානේ එකට බැදලා කුඹුරට බස්සන් රජයට අදායමට.
කාත්තන්කුඩිය පැත්තේ රවුමක් ගැහුවොත් නරකද ?
ඇත්ත තමයි. රථ වාහන පොලීසිය කියන්නේ රටේ ආදායම් බදු එකතු කරන ආයතනයක්. දඩ අවශ්‍ය වෙනකොට වැරදි හදලා හරි දඩයකට හේතුව සොයා ගන්නවා. පදවිය වැනි ඉතා දුෂ්කර පැත්තකින් මේ සා මුදලක් රජය රැස් කිරිම ගැන කණගාටු විය යුතුයි. පදවිය ප්‍රාදේශිය සභාවේ ප්‍රධාන ආදායම් මාර්ගය මේ දඩ මුදල්ද?
පළමුව පදවිය මිනිසුන්ට රියදුරු බලපත් ලබා ගැනීමට පහසුකම් ලබාදෙන්න. ඊට පස්සේ දඩ ගහන්න කියන්න. පව් ඒ මිනිස්සු.... ඔවුන් වැඩිදෙනෙක් යන්තම් ජීවිතය ගෙවන මිනිස්සු...
හෙන ගහන්න ඕනෑ දුප්පතුන්ගෙන් ජීවත් වෙනවට....
දැන් ඔය සල්ලිවලින් 225ක් අම්බරුවන්ට වාහන සඳහා ගෙවන්න. ලැජ්ජා නැද්ද පොලිසියට බලුවැඩ කරන්න. කාන්තන්කුඩි පැත්තේ ගිහින් එකතු කරලා බලන්නකෝ... ගුටි කාලා එන්න වෙන්නේ... අහිංසක මිනිස්සු තමයි පොලිසියේ ටාගට්වලට පළි...
මහලොකු වීරකමක්... ඔක්කොම නීති රෙගුලාසි ගම්වල ඉන්න අයට... දේශපාලුවෙක් දැක්ක ගමන් උන්හිටි තැන්වත් මතක නැහැ. සුලුදිය පහවෙනවා.
මේ අදායම අනිත් පොලිසිවලින් නොලැබුණේ ඇයි? සොයා බලන්න. ට්‍රැෆික් රාළහාමිගේ සාක්කුවට ගියාද? පදවිය පොලිසිය ජරාව නොකෑ බවද කියන්නේ?
අහිංසක අසරණ ගොවියන්ගෙන් මංකොල්ල කන හිවල්ලු. කොළඹත් ඕකම තමයි වෙන්නේ... මුළු කළම්බු සිටි ට්‍රැෆික් එකම ඉරිදට ගස්, කණු අස්සේ හැංගිලා ඉන්නවා. ඉරිදට මොන ට්‍රැෆික්ද කොළඹ?. තනිකර ඕකුන් ඉන්නේ ඉරිදාට නිදහසේ වාහනයක් එලවාගෙන යන මිනිසුන්ගේ නොසැලකිය යුතු වරදකට අල්ලලා සල්ලි මංකොල්ල කන්න. මේ වගේ රටක ජීවත් වෙනවා කියන්නේ ඉතින් කරුමයක්ම තමයි.
ඔය රාළහාමිලාටයි, රාළහාමිනේටයි මාරුවක් දෙන්න ඕනෑ කොළඹට.... රෑ සමාජශාලාවලින් බීලා එන කට්ටිය ඇල්ලුවා නම් ඔයිට වඩා දඩමුදලක් හොයාගන්න පුළුවන්. මේ තරම් කාර්යශීලි පොලිස් නිලධාරි පිරිසක් පදවියේ තියාගැනීම සම්පත් නාස්තියක්... ඔවුන් කොළඹට මාරුකරලා ලොක්කන්ගෙ සුපිරි වාහනත් අල්ලන්න කියමු. ගොවියන්ට දාන චන්ඩි පාට් එතකොටත් තියෙයිද කියලා බලමු.
දුප්පත් මිනිස්සුන්ටමයි බඩේ පාර වදින්නේ... කොළඹින් හොයපු ගාණත් කිව්වා නම්...
මේ රටේ ඉන්නේ ඔක්කෝටම බනින්න විතරක් දන්නා මිනිස්සු විතරයි. තමන්ට වාහනයක් පදින්න කවුරුත් කියන්න ඕනේ නැහැ. තමන් රටේ නීතිය දැනගත යුතුයි. වාහනයක් තවත් කෙනෙකුට දෙනකොට රියදුරු බලපත්‍රයක් තියනවද කියලා ඇසිය යුතුයි. අලුතෙන් නීති පනවලා දඩගැහුවා නෙමෙයිනේ...
"රජය අවධානය යොමු කළ යුතුව තියෙන්නේ "පදවිය" වැනි ප්‍රදේශයක මිනිස්සුනගෙන් මේ ආකාරයට දඩ මුදල් නොගෙන සිටිමයි." මොකක්ද ඒ ගොබ්බ කතාව? පදවියේ තිබෙන බස්, කාර්, මෝටර් සයිකල් ලංකාවේ අනික් ඒවාට වඩා වෙනස්ද? පදවියේ මිනිසුන්ට තිබෙන්නේ වෙනම ලයිසන්ද? ඔවුන් මාර්ග නීති කඩකරලා ඇක්සිඩන්ට් වුණාම මිනිස්සු මැරෙන්නේ නැද්ද? කොළඹ අයට විතරද නීති තිබෙන්න ඕනී. 4-5 දෙනා එකවර මැරෙන්නේ කොළඹ වෙන ඇක්සිඩන්ට් වලින්ද?