(අප්සරා යෝසිත් විජේසූරිය)
රත්නපුර ගිලීමලේ බටේවෙල පදිංචි පුද්ගලයකු ඝාතනය කර බටේවෙල කඵවරකැලේ රහසිගතව වළදැමූ සිදුවීමක් සම්බන්ධයෙන් ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකු විසින් නීතීඥවරුන් පස්දෙනෙකු මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට භාරවීමෙන් පසුව රත්නපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ජනිතා රෝෂීණි පෙරේරා මහත්මිය විසින් මැයි 20 දින දක්වා රිමාන්ඞ් භාරයේ තැබීමට නියම කළාය.
මෙසේ රිමාන්ඞ් භාරයට පත්වූයේ රත්නපුර ප‍්‍රදේශීය සභාවේ මන්ත‍්‍රීවරයෙකි.
මෙම ඝාතන සිදුවීම සම්බන්ධ නඩුව අධිකරණයේ කැඳවූ අවසථාවේදී මෙම සැකකරු මෙසේ නීතීඥවරුන් මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් අධිකරණයට භාරව තිබුණි.
මෙම සැකකරුවන් විසින් ඝාතනය කලේ යයි කියන පුද්ගලයා වූයේ බටේවෙල පදිංචිව සිටි කේ.ජී. රුවන් කුමාර නම් අයෙකුය.
එකල මෙම ඝාතනයට පත් පුද්ගලයාගේ බිරිඳ විසින් පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලකට අනුව මේ පිලිබඳ පොලිස් පරීක්‍ෂණ ආරම්භ කර මේ පිළිබඳ සැකකරුවන් 12ත් අත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව, මේ දක්වාම එම සැකකරුවන්ද රිමාන්ඞ් භාරයේ පසුවෙයි. ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ මෘතශරීරයේ කොටස් ප‍්‍රදේශයේ වළදමා තිබියදී එකල(2018) පොලිසිය කළ පරීක්‍ෂණ මගින් සොයාගෙන තිබිණ.
මෙම නඩුව මැයි 20 දින තෙක් කල් තැබූ මහේස්ත‍්‍රාත්වරිය මෙදින අධිකරණයට භාරවීමෙන් පසුව රිමාන්ඞ් භාරයට පත්කළ සැකකාර ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයාගෙන් ප‍්‍රකාශයක් ලබාගැනීමටත් පොලිසියට නියම කලේය
2025 නොවැම්බර් මස 21
165
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
235
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1106
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
පුද්ගලයකු ඝාතනය කළැයි රත්නපුර ප්‍රා.ස මන්ත්‍රීවරයෙක් රිමාන්ඩ්
නන්නාදුනන හාදයා Monday, 04 May 2020 12:55 PM
මේ මිනීමරුවා...දවසක ශ්‍රී ලංකාවේ අගමැති හෝ ජනාධිපති වුනොත් මම පුදුම වෙන්නේ නැහැ. ඒ උසස් තනතුරුවලට එන්නට ( ශ්‍රී ලංකාව නම් දුපතේ ) මිනි 3ක් වත් අඩුම ගන්නේ මරන්න හෝ මරවන්න ඕනෑමයි. උදාහරණ ඕන තරම් දෙන්නම්...
RaveendraMonday, 04 May 2020 06:57 PM
සහතික ඇත්ත... තවත් වැදගත් කරුණක් ඇත. භාෂා ඥානය පිලිබදව නම් ගැටළුවක් ඇත. මිනිමරුවෙකුට කෙසේ මන්ත්‍රීවරයා ලෙස ආමන්ත්‍රණය කරන්නේද? එලෙසම මුදල් නිසා ගම් කබරයන් ඕනෑම ජරාවක් ගිලදමන නිසා මෙම තිරිසන් මිනීමරුවා සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කරන ලදී යන්න නුදුරු අනාගතයේදීම අප සැමට මෙම පුවත්පතේම කියවීමට හැකි වෙනු ඇත. එදින මෙම වාර්තාකරු විසින් මෙසේද වාර්තා කරනු නියතය. " සත්ගුණවත්, දේශමාන්‍ය , ත්‍යාගශීලි ,ජනහිතයිශීලි, ජනහිතකාමී අපේ මන්ත්‍රීතුමා සියලු චෝදනාවලින් නිදොස් කරන ලදී...
Hafeel Monday, 04 May 2020 05:21 PM
මෙයා නීතීඥ පස්දෙනාගේම සේවාදායකයයි.