IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


පෞද්ගලික බස් හිමියන්ට නව ණය යෝජනා ක්‍රමයක්

(නිමල කොඩිතුවක්කු)

 

කොවිඩ් - 19 වසංගතය හමුවේ අභියෝගයට මුහුණ දුන් පොදු ප්‍රවාහන සේවාව නැවත නංවාලීම සඳහා පෞද්ගලික බස්රථ හිමියන් වෙනුවෙන් නව ණය යෝජනා ක්‍රමයක් හදුන්වා දීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

 

ඒ අනුව දුෂ්කරතාවයට පත්ව සිටින පෞද්ගලික බස්රථ හිමියන් සඳහා රුපියල් ලක්ෂ 3ක ණය මුදලක් හා ටිකට්පත් යන්ත්‍ර මිලදී ගැනීම සඳහා තවත් රු. 50,000 ක ණයක් ලබාදීම මේ යටතේ සිදුකරන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.

 

පෞද්ගලික බස්රථ හිමියන් රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව ප්‍රවාහන අමාත්‍යාංශය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව හා පළාත්බද මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සමඟ එක්ව රාජ්‍ය බැංකු හරහා මෙම ණය මුදල ප්‍රදානය කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

 

පෞද්ගලික බස්රථ හිමියන් 27 දෙනෙකුට සංකේතාත්මකව එම ණය මුදල ලබා ගැනීමට අවශ්‍ය ණය ප්‍රදාන ලිපි ලබාදීම ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභා ශ්‍රවණාගාරයේ දී අද (15) දින සිදුකෙරිණ.

 

පෞද්ගලික බස් කර්මාන්තය කඩා නොවැටී පවත්වාගෙන යාම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගැනීමටත්, මගී ජනතාවට අපහසුවෙන් තොරව සුව පහසු ප්‍රවාහන සේවාවක් ලබා දීමත් රජයේ මූලික අරමුණ බව මෙහිදී අදහස් දැක්වු ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසීය.

 

මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් මොන්ටි රණතුංග, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් එස්.එම්.ඩී.එල්.කේ. ද අල්විස්, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂි වෙල්ගම යන මහත්වරුන්  ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

 



අදහස් (1)

පෞද්ගලික බස් හිමියන්ට නව ණය යෝජනා ක්‍රමයක්

ලංකාවේ හදන බස් Monday, 15 February 2021 10:44 AM

රජයෙන් බස්රථ වලට ඇති බදු අඩු කරලා හරි, අලුතින් ගෙනෙන සියලු ම බස් PFC ෆිල්ටරයත් එක්ක හෝ හයිබ්‍රිඩ් වීම අනිවාර්ය කළොත් පරිසරයට හොඳයි. කෙටි දුර බස් අනිවාර්යයෙන් බැටරි මගින් යන ඒවා බවට පත් කලයුතුයි. ඉන්දියන් කබල් නැතිව ජපන් වාහන ගෙනාවත් රටට මුදල් ඉතිරි කරගන්න පුළුවන්...

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 136 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 982 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site