IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පුදිකුඩිඉරිප්පු කැලෑවකින් බොම්බ 21ක්

(නිමන්ති රණසිංහ )

යුධසමයේ එල්ටීටීඊ  ත්‍රස්තවාදීත් විසින් මතු ප්‍රයෝජනය සඳහා ඉතා සූක්ෂම අයුරින් සඟවා තබන ලද  හදුනා නොගත්  බොම්බ 21ක් සහ  මෝටාර්  උන්ඩයක් පොලිස්  විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (28) පුදිකුඩිඉරිප්පු උඩයාර්කට්ටු කැලෑ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැන ඇත .

මුලතිව් නාවික හමුදා කදවුරේ බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව ඊයේ 28 පෙරවරුවේ පුදිකුඩිඉරිප්පු පොලිස් වසමේ උඩයාර්කට්ටු කැලෑ ප්‍රදේශයේ දී  විශේෂ කාර්ය  බලකා මුලතිව් කඳවුරේ නිලධාරීන් මෙම  වැටලීම සිදු කළ බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි .

අත්අඩංගුවට ගත් බෝම්බ සහ මෝටාර් උණ්ඩය නිෂ්ක්‍රීය කර විනාශ කිරීම සදහා අධිකරණ නියෝගයක් ලබා ගන්නා තෙක් පුදිකුඩිඉරිප්පු පොලිස් ස්ථානයට භාරදී ඇතැයිද විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී  නියෝජ්‍ය පොලිස්පති  වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ උතුරු පලාත් භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි  ඩි.ඩි.කේ හෙට්ටිආරච්චි  මහතාගේ  මෙහෙයවීමෙන් මුලතිව් විශේෂ කාර්යය බලකා දෙවන කදවුර අණදෙන නිලධාරී  පොලිස් පරික්ෂක. ආර්.ඒ.පී.ටී. රණතුංග ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මෙම මෙහෙයුම සිදු කරනු ලැබූහ.



අදහස් (3)

පුදිකුඩිඉරිප්පු කැලෑවකින් බොම්බ 21ක්

nimelen Friday, 29 October 2021 11:03 AM

යුද්ධය ඉවර වෙලා අවුරුදු 12ක් විතර ගිහිල්ලත් තවම යුද්දේ පෙන්නලා ඡන්දේ ගන්න විතරයි මේ ගොල්ලන් දන්නේ...

:       2       14

චන්න Friday, 29 October 2021 11:12 AM

ඡන්දයක් ළඟ එනවා...

:       2       13

සිරිබිරිස් Friday, 29 October 2021 11:49 AM

ඔය වගේ ප්‍රවෘත්ති දාලා වත් ආණ්ඩුවේ ලැජ්ජාව සහ නොහැකියාව වහගන්න බලන්න තමයි වෙන්නේ...

:       2       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 112 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site