
(නිමන්ති රණසිංහ )
යුධසමයේ එල්ටීටීඊ ත්‍රස්තවාදීත් විසින් මතු ප්‍රයෝජනය සඳහා ඉතා සූක්ෂම අයුරින් සඟවා තබන ලද හදුනා නොගත් බොම්බ 21ක් සහ මෝටාර් උන්ඩයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (28) පුදිකුඩිඉරිප්පු උඩයාර්කට්ටු කැලෑ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැන ඇත .
මුලතිව් නාවික හමුදා කදවුරේ බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව ඊයේ 28 පෙරවරුවේ පුදිකුඩිඉරිප්පු පොලිස් වසමේ උඩයාර්කට්ටු කැලෑ ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකා මුලතිව් කඳවුරේ නිලධාරීන් මෙම වැටලීම සිදු කළ බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි .
අත්අඩංගුවට ගත් බෝම්බ සහ මෝටාර් උණ්ඩය නිෂ්ක්‍රීය කර විනාශ කිරීම සදහා අධිකරණ නියෝගයක් ලබා ගන්නා තෙක් පුදිකුඩිඉරිප්පු පොලිස් ස්ථානයට භාරදී ඇතැයිද විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ උතුරු පලාත් භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ඩි.ඩි.කේ හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් මුලතිව් විශේෂ කාර්යය බලකා දෙවන කදවුර අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක. ආර්.ඒ.පී.ටී. රණතුංග ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මෙම මෙහෙයුම සිදු කරනු ලැබූහ.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පුදිකුඩිඉරිප්පු කැලෑවකින් බොම්බ 21ක්
nimelen Friday, 29 October 2021 11:03 AM
යුද්ධය ඉවර වෙලා අවුරුදු 12ක් විතර ගිහිල්ලත් තවම යුද්දේ පෙන්නලා ඡන්දේ ගන්න විතරයි මේ ගොල්ලන් දන්නේ...
චන්න Friday, 29 October 2021 11:12 AM
ඡන්දයක් ළඟ එනවා...
සිරිබිරිස් Friday, 29 October 2021 11:49 AM
ඔය වගේ ප්‍රවෘත්ති දාලා වත් ආණ්ඩුවේ ලැජ්ජාව සහ නොහැකියාව වහගන්න බලන්න තමයි වෙන්නේ...