කොළඹ මහජන පුස්තකාලයේ පොත් විෂබීජහරණය සඳහා එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරී අමල් රාජ් ජයසීලන් මහතා  කොළඹ පුරපති රෝසි සේනානායක මහත්මියට ඕසෝන් වායු ජනක යන්ත්‍රයක් පරිත්‍යාග කළේය.

ඒ බී සී ට්‍රේඩ් ඇන්ඩ් ඉන්වෙස්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය විසින් මෙම වායු ජනක යන්ත්‍රය පිරිනමන ලදී.

මහජන පුස්තකාලයාධිපතිනී වරුණ ගඟබඩ ආරච්චි, නියෝජ්‍ය නගරාධිපති ඒ ටී එම් ඉක්බාල්, නියෝජ්‍ය පුස්තලායාධිපතිනී චින්තා අයිලප්පෙරුම යන මහත්මහත්මීහුද මෙම අවස්ථාවට සහභාගී වූහ.

(ඡායාරූප - ගයාන් අමරසේකර)