IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පෙත්සම විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඉවත්වේ

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
 
අධිකරණයට  අපහාස කර ඇතැයි කියමින්  හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාට එරෙහිව ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන්  ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා  අද (08) ඉවත්විණි.

මේ හේතුවෙන් එම පෙත්සම සලකා  බැලීම ජුනි මස 28 වන දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරන ලදී.

එම පෙත්සම අද (07) ප්‍රසන්න ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණි අමරසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.

මෙහිදී විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ පෙත්සමේ සඳහන් වන ආකාරයට වගඋත්තරකරුගේ ප්‍රකාශයට පාදක වූ බව කියන තහනම් නියෝගය නිකුත් කළ විනිසුරු මඩුල්ලේ තමා ද සාමාජිකයෙකු වශයෙන් කටයුතු කළ හෙයින් තමන් මෙම නඩු විභාගයට සහභාගි වීමට අකැමැත්ත පළ කරන බවය.

ඒ අනුව මෙම පැමිණිල්ල වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවේ ජුලි මස 28 වන දා සලකා බලන බව ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් වන චන්ද්‍රගුප්ත තේනුවර,  ප්‍රශාන්ත ගුණවර්ධන සහ මහාචාර්ය හේවා වඩුගේ  සිරිල් යන මහත්වරු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම්කරුවන් කියා සිටියේ ඉකුත් දෙසැම්බර් මස තුන්වනදා මරදාන ප්‍රදේශයේ පැවති මහජන රැළියකදී කරුණු දැක්වූ හිටපු අගවිනිසුරු සරත්. එන්. සිල්වා මහතා පසුගියදා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ තහනම් නියෝගය පිළිබඳව දැක්වූ අදහස් තුළින් ඔහු අධිකරණයට අපහාස කර ඇති බවයි.

ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට තීන්දු කර සුදුසු දඬුවම් පමුණුවන ලෙස ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.



අදහස් (0)

පෙත්සම විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඉවත්වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site