IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පාතාලයකු මිනුවන්ගොඩදී අල්ලයි

(වාරණ ආනන්ද ඉ ජයකොඩි සහ ටෝනි කරුණානායක)

නමගිය පාතාල අපරාධ කරුවෙකු අද (22) දහවල් මිනුවන්ගොඩ උන්නාරුවේදී අත් අඩංගුවට ගත් බව පෑලියගොඩ අපරාධ කොට්ඨාශය පැවසීය.

ලද තොරතුරකට අනුව එහි පොලිස් නිලධාරීන් පිරිසක් උන්නාරුව ප්‍රදේශයේ අද (22) දහවල් කරන ලද හදිසි සෝදිසි මෙහෙයුමකදී ටී 56 ගිනි අවියක්, මැගසින් එකක් හා ටී 56 ජීව උණ්ඩ තිහක් සමග පාතාල අපරාධ කරු අත් අඩංගුවට ගත් බවද පොලීසිය කීය.

මොහු ගම්පහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාතාල කණ්ඩායමක නායකයා බවත් මොහුගේ ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියේ නායකයා සුසන්ත නැමැත්තා බවත් මොවුන් දෙපිරිස අතර කාලයක් ප්‍රහාර එල්ල කර ගෙන ඇති බවත් එම ප්‍රහාර හේතුවෙන් මේ  වන විට පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් ඇති බව මූලික පරීක්ෂණ වලදී හෙළි වී ඇත.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා බස්නාහිර පළාත අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජයශ්‍රී යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත කොළඹ උතුර පෑලියගොඩ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී ඕ කේ පී නානායක්කාර, එහි සෙසු සහකාර පොලිස් අධිකාරී වරුන්  වන පී කුමාර දාස හා ජනක කුමාර යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ පෑලියගොඩ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත ධර්මකීර්ති, ප්‍රධාන පොලිස් පරීක්ෂක පතිරාජසූරිය, පොලිස් පරීක්ෂක අජිත් සේනානායක, පොලිස් සැරයන් මංජුල (41291), පොලිස් කොස්තාපල් වරුන් වන මුණසිංහ (73380), උමයංග (20130) හා සුබසිංහ (21221) යන මහත්වරු වැටලීමට සහභාගි වූහ.

 



අදහස් (0)

පාතාලයකු මිනුවන්ගොඩදී අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site