(රංජන් කස්තුරි)
මේ දිනවල පැතිර යමින් තිබෙන ඉන්ෆ්ලුවන්සා උණ රෝගයෙන් ආරක්ෂා වීම සඳහා හැකි තාක් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
ඉන්ෆ්ලුවන්සා උණ රෝගය පිළිබඳව අනියත බියක් ඇති කර ගත යුතු නැතැයිද ඒ මහතා සඳහන් කළේය.
රෝගය බෝවීම සහ පැතිරීම පාලනය සඳහා කහිනවිට සහ කිවිසිනවිට ලේන්සුවකින් මුව ආවරණය කිරීම, දෑත් නිතර සබන් යොදා සෝදා පිරිසිදුව තබාගැනීම, නිතර මුහුණ හා නාසය ඇල්ලීමෙන් වැළකීම හා ජනාකීර්ණ ස්ථානයන්හි අනවශ්‍ය ලෙස ගැවසීම අවම කිරීම සුදුසු බව ද ජාසිංහ මහතා කීය.
ඉන්ෆ්ලුවන්සා වෛරසය මගින් ඇතිකරන උණ සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස වැනි සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර බොහෝවිට ප්‍රතිකාර රහිතව සුව වන බවද ඔහු කීය.
යහපත් සෞඛ්‍ය සිටින කුමන වයස් කාණ්ඩයක අයෙකුට වුවද මෙම රෝග ලක්ෂණ ඇතිවී යම් තීව්‍ර වීමක් හෝ ශ්වසන අපහුසතාවක් ඇතිවුවහොත් ඔවුන්ද හැකි ඉක්මණින් ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු බවද ජාසිංහ මහතා පැවසීය.
එහෙත් ගැබිනි මව්වරුන්, වයස අවුරුදු දෙකට අඩු දරුවන්, වයස්ගත පුද්ගලයන්, ප්‍රතිශක්තිය හීන පුද්ගලයන්, නිදන්ගත රෝගීන්ට එම උණ රෝගය වැළඳුනහොත් සංකූලතා ඇතිවිය හැකි බවද එවැනි රෝගීන් හැකි ඉක්මණින් වෛද්‍යවරුයකු හමුවිය යුතු බවද ඒ මහතා කීය.
මේ දිනවල සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වන ඉන්ෆ්ලුවන්සා රෝගය පිළිබඳව වන ව්‍යාජ පුවත් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිකුත් කරන ලද්දක් නොවන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
618
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
298
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘පැතිරෙමින් පවතින ඉන්ෆ්ලුවන්සා උණෙන් ආරක්ෂා වෙන්න’