"ගුරු දේව පණීභාරත " අභිනන්දන කෘතිය ජනගත කිරීම හා ඒ මහතාගේ සිය වැනි ජන්ම දිනය නිමිති කර "2020 ජාතික නර්තන දින සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පැවැත්විණි.
ශ්‍රී ලංකීය නර්තන කලාවේ පුනරුදය උදෙසා දශක හතකට අධික කාලයක් ඇප කැපවූ ආචාර්ය පණීභාරත සූරීන්ගේ මෙහෙවර ඇගයීම වෙනුවෙන් බණ්ඩාර ඇහැලියගොඩ මහතා විසින් මෙම කෘතිය රචනා කර තිබේ.
මෙහිදී පණීභාරත සූරීන් වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කළ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සමරු මුද්දරය පණීභාරත මහත්මිය වෙත පිරිනමන ලදී.
රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, මහාචාර්ය ජේ .බී .දිසානායක, ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර




COMMENTS
ගොක්කොල කොහිද මහින්ද එතන..., දැන් මේ මුද්දර ගහන එක රජ පෙලපතටත් බෝවෙයිද දන්නේ නැහැ.. ලිත් ගහපු කට්ටියනේ, සේරම කරන්නේ ජනතා මුදලින් නිසා....
චතුරි නෝනා මහත්මිය, පනිභාරතයන්, රටේ දායාදයකි. ඔහු කලාවේ ප්‍රතිමුර්තියකි. රටේ දෙවන පුරවැසියා. එවන් යුගපුරුෂයකු සැමරීම, "කඩේයාම" වෘත්තියක් ලෙස කරන ඔබ දැක්කත්, රටේ පොදු ජනයාවන අපට නම් එය උත්තම ක්‍රියාවකි. රට වසර 30 කුරිරු යුද්ධයෙන්, අහිංසක සිංහල-දෙමල-මුස්ලිම්-බර්ගර් ජනයා බේරාගත් රණ විරුවන්ට නිගා කරන අපරටේ $ වලට කඩේයන NGO නඩවල ක්‍රියාවලට ජනතාව නිසි උත්තර දී අවසාන බව ඔබ තුමියට අමතක වෙලාද?
සුජීව මහත්මයා චතුරි නෝනට දීලා තියන උත්තරය බැලුවහම මට පෙන්නේ ඒ මහත්මයත් නියමෙට" කඩේ යන "වගය.
දයාසිරි මාමන්ඩිගෙන් නැටුම් කෙසේ වෙතත් පිනුම්නම් ඉගෙනගෙන තියෙනවා.
මේ අය මේ ඡන්දෙ අරගෙන කෙලින පිස්සුවක්. දැන් මේකද කරන්න තියන ලොකුම වැඩේ.මිනිස්සුන්ට පාන්වත් කියාගන්න විදියක් නැහැ. මේ අයට ඡන්දෙ දුන් හැටනව ලක්ෂේට ජය වේවා !
සංවර්ධිත රටක් අවශ්‍ය නම් මහින්ද ඉවත් කළ යුතුයි.
මේ නිසාද මන්දා ඔන්න පාන් මිල අඩු කරලා කියනවා. වී වගාකරන රටේ තිරිඟු වගා කරනවද කියපන්කෝ...? මේ ඇමෙරිකාවද? යුරෝපයේ දූපතක්වත්ද?