(අජන්ත කුමාර අගලකඩ)
ගෑස් සමාගම් පවත්වාගෙන යාමට නම් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අවම වශයෙන් රුපියල් 400 කින් වත් වැඩි කළ යුතු බවට වන යෝජනාවක් ගෑස් මිල සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවේ දී ඉදිරිපත් වී ඇත .
ගෑස් මිල සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ඇමති කමිටුව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී ඊයේ (14) රැස් වූ අවස්ථාවේදී මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත .
ඇමතිවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල මහින්ද අමරවීර, ඩලස් අලහප්පෙරුම ,උදය ගම්මන්පිල, ලසන්ත අලගියවන්න යන මහත්වරු ද ,ගෑස් සමාගම් දෙකේ ප්‍රධානීහු සහ වෙළඳ අමාත්‍යාංශයේ හා පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීහු පිරිසක් ද ඊට සහභාගි වූහ.
ඩොලරයේ අගය ඉහළ යාමත් ,ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල විශාල වශයෙන් ඉහළ යාමත් යන කාරණා මත ගෑස් මිල වැඩි කළ යුතුව ඇතැයි ගෑස් සමාගම් ප්‍රධානින් එහිදී පෙන්වා දී ඇත
.
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පාඩුවෙන් බේරෙන්න ගෑස් මිල රුපියල් 400කින් වැඩි කළ යුතුයි
mahinda Tuesday, 15 June 2021 10:12 AM
ඉතා ඉක්මණින් ඕක කරලා දාන්න අතිශය විද්වත් කමිටුවක්නේ ඒ ගැන සලකා බලා තියෙන්නේ... තියන පාඩු ලබන සියලූම අයතනවල පාඩුව අපට බාර දෙන්න. අර ශ්‍රී ලන්කන් එකත් පාඩුයිනේ මොකක් හරි ක්‍රමයක් දාලා ඒ පාඩුවත් අපිට බාරදෙන්න අපි කොහොම හරි දරා ගන්නම්... ඒ වගේම අර මන්ත්‍රීන්ට ලබාදීමට යන වාහන සමග ඔක්විඩ් සමග වැඩ කරන අයට දෙන අවදානම් දීමනාව වගේ මන්ත්‍රීන්ට බුද්ධිය පහළ වීමේ දීමනාවකුත් ඉක්මණින් කැබිනට් මණ්ඩලයට දාලා අනුමත කරගන්න කැබිනට් මණ්ඩලයට ඒ දීමනාව දෙගුණයක් වුණත් කමක් නෑ.. රට වෙනුවන්නේ සියලූම මන්ත්‍රී තුමන්ලාට නිදුක් නිරෝගී සුවය සමගින් දීර්ඝායු වේවා...!!!
Rata Perata Tuesday, 15 June 2021 12:49 PM
මෝඩ මහදැනමුත්තා ඕකටත් හේතුවක් කියාවි. අහගෙන ඉන්න අමාරුවෙන් හරි.
manathgunga Tuesday, 15 June 2021 02:00 PM
මේ මෝඩයින් මොනවා කතා කළත් තව මාස 6ක් විතර යනකොට ඩොලර් එක රුපියල් 300ට කිට්ටු වෙන්න පුළුවන්... යුරෝ සංගමය GST බදු සහනයට නැවැත්වූවොත් එදා ඉඳලම ඩොලරය, යූරෝ එක ඉහළටම නගිනවා. බඩු මිල ඉහළ ගිහින්, රටේ මිනිස්සු පොලු මුගුරු අරගෙන පාරට බැස්සාම මැදමුලන හොරු කට්ටියට අමුඩෙත් නැතිව පැනලා යන්න වෙන්නේ.
බද්රානි Tuesday, 15 June 2021 02:21 PM
ඉතාම හොඳ යෝජනාවක්. ගෑස්මිල වැඩි කිරීම ඉතාම සාධාරණයි. හැමදේම වැඩිවෙන වෙලාවේ ගෑස් මිල ටිකක් වැඩි වුණාම මොකද වෙන්නේ? මොනවා වැඩි වුණත් දැන් අපිට "සැපට ජීවත් වෙන්න" රටක් තියනවනේ. කාටද ආඩම්බර?