IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


‘පොඩිලැසී’ අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

(ඩී.ජී.සුගතපාල)
 
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ‘පොඩි ලැසි’ නමැත්තාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමටත්, 25 වන දින ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද  (08) නියෝග කළේය.
 
ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින් කිහිපදෙනෙකුට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීම පිළිබඳව බන්ධනාගාර ගතව සිටින ‘කොස්ගොඩ තාරක’ සහ ‘පොඩිලැසි’ යන දෙදෙනා සම්බන්ධයෙන්  නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේය.
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා අධිකරණයට කරුණු දක්වමින් කියාසිටියේ බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් කිහිපදෙනෙකු ඔවුන්ට ලැබෙන පහසුකම් ප්‍රමාණවත් නොවන බව පවසා උපවාසයක් ආරම්භ කර තිබු අතර ඒ පිළිබඳ සොයා බැලීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරුන් කිහිපදෙනෙකු ජූනි 26වන දින බූස්ස බන්ධනාගාරයට පැමිණ ඇති බවය.
 
එහිදි ‘පොඩිලැසි’ නමැත්තා  එම නිලධාරින්ටත් බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාටත් ජනාධිපතිවරයාටත් ආරක්ෂක ලේකම්වරයාටත් ඔවුන්ගේ පවුල්වල අයටත් ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කර ඇති බව කියා සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා, අධිකරණ නියෝග මත රඳවා සිටින පිරිස මැර බලය සහ අවි බලය සමග රජයේ නිලධාරින්ට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීම බරපතල කාරණයක් බවත් ඒ පිළිබඳ සාක්කි රැසක් සටහන් කරගෙන ඇති බවත් කියා සිටියේය.
 
බන්ධනාගාරයට ගෙන එන අවස්ථාවේ බෝම්බ ගසා ප්‍රතිවාදින් ඝාතනය කිරීමට බන්ධනාගාරය තුළ සිට සැලසුම් කර ඇති බවත් ඔවුනට එතරම් ආත්ම ශක්තියක් ලැබුනේ කෙසේදැයි සොයා බැලිය යුතු බවත් සමහර බන්ධනාගාර නිලධාරින් සැකකරුවන් සිටින හිරකුටිවලට වඳිනවා දුටු බවත් තවත් සමහරු හිතෙන් වඳින බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේය.  
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා  වැඩිදුරටත් කරුණු දක්වමින් කියාසිටියේ ධර්මකිර්තිගේ තාරක පෙරේරා විජේසේකර හෙවත් ‘කොස්ගොඩ තාරක’ නමැත්තා ගිනි අවි පරිහරණය කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් මේ වනවිට රැඳවුම් නියෝග ලබාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ සිටින බවද, අරුමා හන්දි ජනිත් මධුසංක හෙවත් ‘පොඩි ලැසි’ නමැත්තා බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින බවත්ය. පොඩි ලැසිගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටත් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරිමටත් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටි දිලිප පිරිස් මහතා ඔහු අධිකරණයට කැඳවනු ලබන දින අධිකරණය අවට ආරක්ෂාව දැඩි කිරීමටද නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.
 
ඉදිරියේදි පොඩි ලැසි නමැති සැකකරුට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කිරීමට බලාපොරොත්තු වන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේය.

ඒ අනුව බූස්ස බන්ධනාගාරයට ගොස් පොඩි ලැසි නමැත්තාගෙන් ප්‍රකාශ ලබා ගැනීමටත් 25වන දින ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමටත් නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින ආරක්ෂාව තර කිරීමට පියවර ගන්නා ලෙසත් නියෝග කළේය.
 
නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ළමාහේවා මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක් අධිකරණයට කරුණු වාර්තා කළහ.



අදහස් (2)

‘පොඩිලැසී’ අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

විජේ Tuesday, 08 September 2020 07:40 AM

ලැසීලා බුරන්නේ නැතුව වෙන මොනවා කරන්නද මහත්තයෝ? බලු වෑන් එක එව්වා නං ඉවරයි.

:       0       0

dickie bird Tuesday, 08 September 2020 09:58 AM

ඔහුට දඬුවම් දෙන්න. මාස 9ක් අඳුරු කුටියක තබන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28415 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18193 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 10917 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 676 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 200 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 857 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site