
(ඉන්දිකා රාමනායක)
ආහාර විෂ වීමකින් මඩකලපුව වාකරේ 233 වන බලසේනා මූලස්ථානයේ සෙබළුන් 16 දෙනකු මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇතැයි හමුදාව පවසයි .
මෙම පිරිසගෙන් 15 දෙනකු අද දින වන විටත් මඩකලපුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .
පුඩිං වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසු මෙම පිරිසක් මෙලෙස රෝගාතුර වී ඇති අතර , ඉන් 16 දෙනකු රෝහල් ගතකර බව හමුදා ආරංචි මාර්ග පවසයි.
රෝහල්ගත වී සිටින පිරිසගේ තත්ත්වය බරපතළ නොවන බවද හමුදා ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි .
COMMENTS