(නිමන්ති රණසිංහ)

පැය තුනක ප්‍රකාශයක් ලබා දීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චමපික රණවක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබේ.

යහපාලන ආණ්ඩු සමයේ මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කළ “යකඩ මිනිසා” නම් ව්‍යාපාතියේදීසිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයනේ ප්‍රශ්න කිරිම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාව කැදවා තිබිණී.

ඒ අනුව අද (24) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණී පාඨලී චම්පික රණවක මහතා පැය තුනක ප්‍රකාශයක් ලබා දීමෙන් පසු ඉන් පිටව ගියේය.