(ජයන්ත සමරකෝන්)

 

රිමාන්ඩ් බාරයේ පසුවන හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට කොට්ට මෙට්ට ලබාදීම සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහලින් වෛද්‍ය නිර්දේශ අද (20) ලැබී ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග පවසයි.

කිසියම් රැඳවියකු කොන්දේ ආබාධයකින් පෙලෙන්නේ නම්,රාත්‍රියට නිදාගැනීම සඳහා කොට්ටයක් හා මෙට්ටයක් ලබාදීම වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන බවත්, සැකකාර මන්ත්‍රීවරිය එබදු කිසිදු ආබාධයකින් නොපෙලෙන බවත් එහි නිලධාරීහු සඳහන් කරති.

රෝහලේ ප්‍රධාන වෛද්‍යවරියගේ අනුමැතිය මත මෙම වෛද්‍ය නිර්දේශ ලැබී තිබෙන බවද වාර්තා වේ.