IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පාඨලීගේ රියඅනතුර ගැන පූජිතගෙන් ප්‍රකාශයක් ගන්න අධිකරණයේ අවසර

(දසුන් රාජපක්ෂ)

හිටපු අමාත්‍ය පාඨලී චම්පික මහතා රාජගිරියේදී මුහුණ දුන් බව කියන රිය අනතුර සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට ප්‍රකාශයක් ලබාගැනීමට අවස්ථාව සළසා දෙන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය බන්ධනාර අධිකාරීවරයාට අද (23) නියෝග කළාය.

මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය කර සිටියේ අද මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෝසමක් මගින්  කරුණු දක්වමින් කොළඹ අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීමක් කෙරෙහි අවධානය යොමු කරමිණි.

මෝසම මගින් වැඩිදුරටත් කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල්  ද සිල්වා මහතා අදාළ රිය අනතුර වූ අවස්ථාවේ සැකකරු පුද්ගලයන් කිහිප දෙනෙකු සමඟ දුරකතනයෙන් කතා කර ඇති බව පැවසීය. 

එසේ සැකකරු දුරකතන ඇමතුම් 20ක් එම අවස්ථාවේ ලබාගෙන ඇති නිසා ඒවාට අයත් දුරකතන වාර්තා ලබා ගැනීමට නියමිත බවත් එම අනතුර සිදු වූ අවස්ථාවේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ සැකකරු අතර දීර්ඝ දුරකතන සංවාදයක් සිදු වී ඇති බවත් නෙවිල් ද සිල්වා මහතා දැනුම් දුන්නේය.

පූජිත් ජයසුන්දර මහතා සමඟ ඇති වූ එම දුරකතන සංවාදය ගැන විශ්ලේෂණ වාර්තාක් කැඳවීමට අවශ්‍ය නිසා ලබන 26 ත් 30 ත් අතර දිනයක බන්ධනාගාරයට ගොස් එම ප්‍රකාශය ලබාගැනීමට පහසුකම් සළසා දෙන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කරන ලෙස ද නෙවිල් ද සිල්වා මහතා ඉල්ලා සිටියේය.

අනතුර සිදුවන අවස්ථාවේ සැකකරු පැදවූ වාහනය රජයට අයත් වාහනයක් වන අතර ඔහූ එයට අළාබ කොට පොදු දේපළ පනත උල්ලංඝනය කර ඇති බව මීට ඉහතදී ගොනු කළ බී වාර්තා තුනේ සඳහන් කර තිබෙන බවද  ඔහු කියා සිටියේය.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරිය අදළා නියෝගයන් කර හෙට (24) මෙම පැමිණිල්ල යළි කැඳවීමට නියෝග කළාය.

 

 



අදහස් (7)

පාඨලීගේ රියඅනතුර ගැන පූජිතගෙන් ප්‍රකාශයක් ගන්න අධිකරණයේ අවසර

මෝ Monday, 23 December 2019 12:39 PM

බඩුම තමයි.

:       1       206

Uditha - London Monday, 23 December 2019 01:28 PM

පඹ ගාලක් එ්කත් ...

:       0       8

SAMANTHA Monday, 23 December 2019 02:21 PM

පොලිස්පතිතුමා එම තනතුරේ ඉන්න අවස්ථාවේ එයාගේ රාජකාරිය නිසියාකාරව නොකර නිකන් පිස්සු නැටුවා. බලය ලැබිලත් ඉන් ප්‍රයෝජන ගන්න දන්නැති මහත්වරුන්ට අත්වන ඉරණම තමයි දැන් අත්වෙලා තියෙන්නේ... බොහොම කණගාටුයි. දැන් තවත් ඇමති කෙනෙක් උසාවි ගානේ ඇවිදිනවා ඇප ඉල්ල ඉල්ලා... මොන ලැජ්ජා නැති වැඩක්ද? තමා කෙලින් නම් මොකටද බයවෙන්නේ අනේ කාලේ වනේ වාසේ කිව්වලු...

:       0       154

Bamunuarachchi Monday, 23 December 2019 03:53 PM

පූජිතට අල්ලපු අත්තත් නැහැ, පය ගහපු අත්තත් නැති වුණා. ජරාවකාලා ඉහළට යන්න පුළුවන්.. නමුත් වැඩිකල් රැඳෙන්න බැහැ. එ්ක රසවත් කතාවක්... ඒවාට මෙතන ඉඩ නැති නිසා ලියන්න බැහැ.

:       165       106

sisira Monday, 23 December 2019 09:08 PM

ඔය එන්නේ . පොලිසියත් එක්ක හොරා පොලිස් කල මෙගා පොලිස්ට ගිය කල

:       15       26

Mahesh Monday, 23 December 2019 11:24 PM

දේශපාලුවෝ කොහොම හරි බේරෙයි අන්තිමට නිලධාරීන් තමා අමාරුවේ වැටෙන්නේ. මේ එවැනි තවත් උදාහරණයක්.

:       0       2

MP Tuesday, 24 December 2019 02:53 AM

මෙන්න මෙයාට විරුද්ධව තවත් අතේ පත්තුවෙන හේතුවක්!

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site