IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


පිටරට අධිකරණවල නඩු පවරා දවල් හීන දකිනවා

(ආරියරත්න රණබාහු)

දේශපාලන කාලයේදී පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීමට ශක්තියක් නැති පිරිස් මෙරට මෙන්ම පිටරට අධිකරණවලදී ඔහුට එරෙහිව නඩු පවරා ඒ මගින් ඒ මහතාගේ ගමන් මග අවහිර කිරීමට තැත් දැරීම දවල් හීනයක් බවට පත්ව ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.

ඇතුල්කෝට්ටේ වියත් මග කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ බව පැවසූ මහචාර්යවරයා එහිදී මෙසේ ද කීය.

ඇමරිකානු අධීකරණය පසුගිය දිනෙක ඉතාම වැදගත් නඩු තීන්දුවක් ප්‍රකාශයට පත්කළා.ඇමෙරිකාව එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දිස්ත්‍රික් අධිකරණයක ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව නඩුවක් පවරා තිබුණි.

ඒ නිවාඩුවට ගොනු කර තිබුණේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය විසින් ඒ නඩුව දාලා තිබුණේ එක්තරා අරමුදලක් සඳහායි.

ඇමෙරිකා අධිකරණයක ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව නඩුවක් ගොනුකර තිබෙන නිසා ගෝඨාභය රාපක්ෂ මහතාට ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර යන නොහැකිය යන තර්කයක් ගෙනත් තිබුණා.ඒ අරමුණු කරගෙන තමයි මම නඩුව දැම්මේ.

කැලිෆෝනියා ප්‍රාන්තයේ දිසා අධිකරණය එම නඩුව සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශ කරමින් නිසා තිබෙනවා.මෙම පැමිණිල්ලේ කිසිදු හරයක් අර්ථයක් පදනමක් නැහැ කියලා.

එම නිසා විත්ති පාර්ශ්වයෙන් නිදහසට කරුණු විමසන්නේ නැතුව නඩුව ආරම්භයේදීම නඩුව ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් අධිකරණ කටයුතු කර තිබෙනවා.

එමගින් කියන්නේ මෙතැන අහන්න නඩුවක් නැ මේක හිස් නඩුවක්. උසාවියේ කාලය නාස්ති කිරීමක් විත්ති පාර්ශ්වයේ තරක ඉදිරිපත් කිරීම අවශ්‍යය බවත් නඩු නිමිත්තක් නැති බවත් අධිකරණය කියා තිබෙනවා.

මේ වගේ තීන්දුවක් අපේ රටේ අධිකරණයක් පසුගිය දවසක දුන්නා.ඒ අපේ රටේ අභියාචනා අධිකරණයයි එම අධිකරණයේ යසන්ත කෝදාගොඩ විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් අර්ජුන උභයසේකර සහ මහින්ද සමයවර්ධන යන විනිශ්චයකාරයරුන් තිදෙනා ඒකමතික තීන්දුවක් ප්‍රකාශ කළා.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසිභාවය පිළිබඳ එසේ ගොනු කර තිබූ නඩුව තවදුරටත් විමසිය යුතු නැති බවත්  ඒ සඳහා ගෝඨාභය සහ මහින්ද රාජපක්ෂ මහත්වරුන්ට නොතිසී නිකුත් නොකළ යුතු බවත් තීරණය කර නඩුව ආරම්භයේදීම එය නිෂ්ප්‍රභා කරනු ලැබුවා.

එම අධිකරණය කිව්වා මෙම පැමිණිලිකරුවන් පිරිසිදු අත් ඇතිව උසාවියට පැමිණ නැති බවව.මේක නිර්මල චේතනාවකින් ඉදිරිපත් කළ නඩුවක් නොවෙයි.පටු අරමුණු සඳහා ඉදිරිපත් කළ නඩුවක් කිසිඳු අගයක් නැහැ.එම නිසා නඩුව විභාගයට ගත් පළවෙනි දවසේම එය ප්‍රතික්ෂේප කළා.

නින්දෙන් නැගිට්ට ගමන් වගේ තමන් නඩු ඉදිරිපත් කිරීම අධිකරණ පද්ධතිව හැල්ලුවට ලක් කිරීමක් දේශපාලන අරමුණු සඳහා මෙරට හෝ පිටරට අධිකරණ පද්ධතිය භාවිතා කිරීම කිසිදු සුදුසු ක්‍රියාකාරකමක් නොවෙයි.

මේ විදිහට ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව මෙරට මෙන්ම පිටරටින් නඩු පවරන්න හේතුවක් තියෙනවා.දේශපාලන කාලයේදී එතුමා පරාජයට පත් කිරීමට කිසිසේත් ශක්තියක් නැති කම එම හේතුවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලන වශයෙන් පරාජයට පත් කිරීමට නොහැකි බව ඒ අය දන්නවා මේ නිසා එතුමා ජනාධිපතිවරයාගේ සටන් භූමියෙන් ඉවත් කිරීමට නමුත් ඒ උත්සාහයෙන් ප්‍රයත්න දෙකම ශ්‍රී ලංකා අධිකරණයෙන් මෙන්ම ඇමෙරිකානු අධිකරණයෙන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව මෙම ව්‍යාජ නඩු ව්‍යාජ නීති තර්ක ඉදිරිපත් කිරීම නිෂ්ඵල ව්‍යායාමයි කිසිඳු ප්‍රයෝජනයක් නැති දේවල් එම නිසා අපි නැවත වතාවක් තියනවා.

ආත්ම ශක්තියක් තිබෙනවා නම් ගෝඨාභයගේ මැතිවරණ ව්‍යාපාරයට මුහුණ දෙන්න.ඒක මහ ඇරලා ව්‍යාජ ආකාරයෙන් නඩු භාවිතා කරමින් කටයුතු කරන්න එපා ඒක කිසිඳු ප්‍රයෝජනවත් දෙයක් නොවෙයි.



අදහස් (0)

පිටරට අධිකරණවල නඩු පවරා දවල් හීන දකිනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 159 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1014 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site