(මොහොමඩ් ආසික්)
පූජාපිටිය වටගොඩ ප්‍රදේශයේ ප්‍රබල එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසක් අද (22) වනදා මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේක්ෂක ගුණතිලක රාජපක්ෂ මහතා හමුවී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එක් වූහ.
පූජාපිටිය ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් වන අනුර මඩලුස්ස අජිත් සමරතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.
COMMENTS
හරිම ප්‍රබලයි නොවැ. ආසික් නිවුස් එකක්...
හොඳ දේට මුලින් අකමැතියි, බලෙන් හරි ක්‍රියාත්මක කරන්න, කාලයත් සමග හරියයි...
මේවා කරන්නේ මොකටද? මට නම් තේරෙන්නේ නැහැ. එක පැත්තකින් කියනවා පොහොට්ටුව ජනතාව එක්සත් ජාතික පක්ෂය ප්‍රතික්ෂේප කරලලු. අනිත් පැත්තෙන් පත්තරේ දානවා එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් පාට මාරු කරවලා ලහිලහියේ පොහොට්ටුව පැත්තට ගන්නවලු. ඒ කියන්නේ ජනතාව එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් ප්‍රතික්ෂේප කරාට පොහොට්ටුවට එහෙම කරන්න බැරිකමක් තියෙනවා. හේතුව පොහොට්ටුව ඒ තරම් බංකොලොත් කියන එක... ලැජ්ජයි.
එජාපය (රනිල් පිල) පොහොට්ටුවන් සමග බව අපි කවදත් දන්නවා. ඒකනිසා තමයි මෙපමණ වංචා, දුෂණ කරපු අය කුඩුවට දමන්නට රනිල්ගේ ආණ්ඩුවට බැරි වුනේ... ඒ ගොල්ලෝ ගියාට ඒක සජිත් පිලට පාඩුවක් වෙන්නේ නැහැ. මේ පාර පොහොට්ටුවන් අමතක නොවන පාඩමක් මහ ජනතාවගෙන් ඉගෙන ගන්නවා...
මෙන්න මේ වගේ මීහරක් අවුරුදු 72ක් තිස්සේ දෙපැත්තට පැනපැන ඡන්දෙ දුන්න නිසා තමයි රටට කෙලවිලා ගියේ...
සිරි ලංකාව වගේ රටකට මෙව්වත් ප්‍රවෘත්ති තමයි.
මොනවා හරි අපරාධවලට සම්බන්ධ කට්ටිය වෙන්න ඇති..
පරණ ට්‍රික් එක පටන්ගෙන වගේ.. කමක් නැහැ ඒකටත් අහුවෙමු.
දැන් සදා පරාජිතයි කියලා තේරෙනකොට ඔහොම තමා...
දිනුවත්, පැරදුණත් රටකට විපක්ෂයක් තියෙන්න ඕනෑ. දැන් දිනුම ගැන කතාකරන බයියන්ට තේරෙයි ඒකාධිපති පාලනයක් එනකොට... අපේ අයට මොන ප්‍රතිපත්තිද? සල්ලි ලැබෙනවා නම් අම්මාවත් දෙයි....
දේශපාලුවෝ පස්සේ ගියා කියලා අන්තිමට අපිට ඇති වෙන සුගතියක් නැහැ. ඔවුන් රජ වෙයි.. අපිට කෙළවෙයි.
මේ ආසික් බොරු නොකියා ඉන්න. එජාපයේ ප්‍රබලයෙක් ඉන්නේ නායකතුමා රනිල් විතරයි. අනෙක් ඔක්කෝමලා වරින්වර එහාට මෙහාට පැනපැන ඉන්න අයයි. ඔවුන් ප්‍රබලයින් වෙන්නේ කොහොමද?
දිනන පිලට හෝයියා කිව්වලු...