IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පූජිත්ගේ පෙත්සම සැප්තැම්බර් 17 තෙක් කල් යයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

ජනාධිපතිවරයා විසින් තමන්ව අනිවාර්යය නිවාඩු යැවීමට ගත් තීරණය නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම සැප්තැම්බර් 17 තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) තීන්දු කළේය.

විනිසුරු මඬුල්ල සම්පූර්ණ නොවීම හේතුවෙන් පෙත්සම සළකා බැලීම මෙදිනට කල් තැබිණි.

මෙම පෙත්සම අද (31) එල්.ටී.බී දෙහිදෙණිය සහ එස්. තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ සළකා බැලිණි.

මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

පෙත්සම්කාර පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටින්නේ ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් 2016 වසරේ අප්‍රේල් මස 20 දා තමන්ව පොලිස්පතිවරයා වශයෙන් පත් කළ බවයි.

2018 වසරේ පටන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර පැවැති අන්තර් සබදතාවයේ යම් පළුදු වීමක් තමා නිරීක්ෂණය කළ බවත් තමා එම පාර්ශව දෙකටම පක්ෂග්‍රාහී නොවී ස්වාධීනව රජයේ නිලධාරියකු ලෙස තම රාජකාරිය ඉටුකළ බවද ජයසුන්දර මහතා පවසා ඇත.

2018 වසරේ ඔක්තෝබර් මාසයෙන් පසුව ජනාධිපතිවරයාගේ නියෝගයක් පරිදි තමන්ව ජාතික ආරක්ෂක මණ්ඩලය රැස්වීම සඳහා කැඳවීමක් නොකෙරුණු බව පෙන්වා දෙන පූජිත් ජයසුන්දර මහතා පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඊට පෙර තොරතුරු ලැබුණු අවස්ථාවල තමන් ඒ පිළිබඳව එවක ආරක්ෂක ලේකම්වරයාට සහ තමා යටතේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව් දෙනා දැනුවත් කළ බව ද පවසා තිබේ.

රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියා ඔහුගේ බුද්ධි වාර්තා සෘජුවම ජනාධිපතිවරයා වෙත යොමු කිරිම සිදු කළ බවත් ඔහු තමන්ට කරුණු වාර්තා කිරීමක් නොකරන බවත් පූජිත් ජයසුන්දර මහතා සිය පෙත්සමෙන් ප්‍රකාශ කර ඇත.

පාස්කු දින ප්‍රහාරයෙන් පසුව තමන්ව අනිවාර්යය නිවාඩු යැවීමට ජනාධිපතිවරයා ක්‍රියා කළ බවත් එසේ තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපතිවරයාට කිසිදු නීතිමය බලයක් නොමැති බවද පූජිත් ජයසුන්දර මහතා සිය පෙත්සමෙන් පෙන්වා දුන්නේය.

තම විනය බලධාරියා ජනාධිපතිවරයා නොවන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රාජ්‍ය නිලධාරීන් ඉවත් කිරීමට අදාළ පනත් විධිවිධාන ප්‍රකාරව තමන්ව අනිවාර්යය නිවාඩු යැවීමට ජනාධිපතිවරයාට කිසිදු බලයක් නොමැති බව පූජිත් ජයසුන්දර මහතා චෝදනා කරයි.

මෙම ක්‍රියාව තුළින් ජනාධිපතිවරයා මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බරපතල ලෙස උල්ලංඝණය කර ඇති බවත් ඒ තුළින් සිය මූලික අයිතීන් කඩ වී ඇති බවට තීන්දුවක් ලබාදෙන මෙන්ද ඉල්ලා සිටින පූජිත් ජයසුන්දර මහතා මෙම පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ලබාදෙන තෙක්  තමන්ව අනිවාර්යය නිවාඩු යැවීමට ජනාධිපතිවරයා ගත් තීරණය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටී.

එමෙන්ම තමන්ව ධූරයෙන් ඉවත් කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.



අදහස් (0)

පූජිත්ගේ පෙත්සම සැප්තැම්බර් 17 තෙක් කල් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 667 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site