IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


පකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ්ට වසර 7ක සිර දඬුවමක්

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මහතාට එරට දූෂණ විරෝධී අධිකරණයක් මගින් අද (24) වසර හතක සිර දඬුවමක් නියම කළේය.

මෙම සිරදඬුවම දේශපාලන වුවමනාවක් මත සිදු වූවක් යැයි චෝදනා ප්‍රතික්ෂේප කරමින් හිටපු අගමැතිවරයා පවසා ඇත. 

සෞදි අරාබියේ තිබෙන හිටපු අගමැතිවරයාට අයත් වානේ කම්හල ආරම්භ කිරීම සඳහා මුදල් ලැබුණේ කෙසේ දැයි අධිකරණයට දැන්වීමට අසමත් වීම හේතුවෙන් ඔහුට එලෙස සිර දඬුවම් නියම වී ඇතැයි පාකිස්තානයේ ‘ජියෝ නිව්ස්’ පුවත් සේවය වාර්තා කළේය. 

තෙවරක් පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ධුරය හෙබ වූ නවාස් ෂරීෆ් මහතාට දූෂණ චෝදනා එල්ල වී තිබෙන අතර පසුගිය ජූලි මාසයේදී ඔහුට වසර 10ක සිර දඬුවමක් නියම කළේය. ලන්ඩන් නුවර පිහිටි නිවාස සංකීර්ණයක් මිලදී ගත්තේ කෙසේ ද සහ ඊට මුදල ලැබුණේ කෙසේද යන්න අනාවරණය කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඔහු එම සිර දඬුවමට ලක්විය. 

අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් පසුව හිටපු අග්‍රාමාත්‍යවරයා ඇප මත නිදහස් කිරීමට එරට අධිකරණයක් පසුගිය සැප්තැම්බර් මාසයේදී තීන්දු කළේය. 

සෞදි අරාබියේ තිබෙන හිටපු අගමැතිවරයාට අයත් වානේ කම්හල පිළිබඳ චෝදනා විභාගයට ගැනුණේ ඉන් අනතුරුවය. 

ධුර කාලය අවසන් වීමටත් මත්තෙන් හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මහතා දූෂණ චෝදනා හේතුවෙන් ධුරයෙන් ඉවත් කර ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට නුසුදුස්සකු ලෙස නම් කිරීමට පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර තීන්දු කර තිබිණි.  

(අල් ජසීරා ඇසුරිනි)

(055)



අදහස් (1)

පකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ්ට වසර 7ක සිර දඬුවමක්

Prof. Dr. Edward Perera Tuesday, 25 December 2018 03:29 AM

"කරන කළට පව් මිහිරිය මී සේ - විඳින කළට දුක් දැඩිවෙයි ගිනිසේ " කියල කියමනක් තිබුනත් එවැනි තත්වයකින් මිදීමට අපේ රටේ මිනිසුන් උනන්දුවෙනවා මදි යයි කියා අපට සිතෙනවා. පාකිස්තානය අපේ අසල් වැසි රටක් වුනාට අපේ රටට වඩා දේශපාලන චර්යාවේ වෙනස්කම් රාශියක් පෙන්වන රටක්. දේශපාලන පෙරළි පිළිබඳ අපේ කලාපයේ හොඳම අත්දැකීම් තිබෙන්නේ පකිස්තානයටයි. කුමන හැලහැප්පිලි මැද හෝ පාකිස්තානුවා දකින්නේත් දුෂණයෙන් තොර පාලන තන්ත්‍රයක්. එය ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුමැයි.. ඔවුන් සිතන බවක් පෙනෙන්නේ නැහැ. ශ්‍රී ලංකා වැසියනුත් යහපාලනයක් පිළිබඳ සදාකාලික සිහිනයක නිමග්නව සිටියත් ඒ සිහිනෙන් ඔවුන්ව අවදි නොකර නිද්‍රාවේම තබන්න ප්‍රධාන දේශපාලන ධාරාවේ පක්ෂ දෙකම ක්‍රියා කර ඇති බවක් පෙන්නුම් කරනවා. දූෂණය දෙස රටවැසියා දකින දෘෂ්ඨියට වෙනස් ආකාරයකින් බලන්න පුරුදුවී ඇති දේශපාලකයා වෙනත් වචන වලින් පවසන්නේ "නුඹලාට එය ප්‍රශ්නයක් වුනාට අපට ප්‍රශ්නයක් නොවේ" යන්නයි. එය ඔවුන් ක්‍රියාවට නංවන්නේ දූෂිතයින්ට දඬුවම් කිරීම සඳහා ජනතාව නව රජයට පවරා දෙන පරමාධිපත්වය නමැති සැත නැවත කොපුවේ රුවා ගැනීමෙනි. පාකිස්තානුවා හා ශ්‍රී ලාංකිකයා අතර වෙනස එයයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 53 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 884 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2515 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site