(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට පාකිස්තානයේ සහ මාලදිවයිනේ ජනාධිපතිවරු ද අද (17) සුබ පැතූහ.
පාකිස්තානයේ ජනාධිපති අරිෆ් අල්වි සහ මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රහීම් මොහොමද් සෝලි මහත්වරුන් ට්විටර් පණිවුඩ නිකුත් කරමින් තේරී පත්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එසේ සුබ පැතුම් එක් කර තිබිණි.
කලාපීය සාමය, සෞභාග්‍ය සහ ස්ථාරවය සඳහාත් දෙරටේ ජනතාවගේ සුබසිද්ධිය සඳහාත් ශ්‍රී ලංකාව සමඟ ඉදිරියටත් සමීපව කටයුතු කරන බව පාකිස්තානයේ ජනාධිපතිවරයා සිය ට්විටර් පණිවුඩය මගින් සඳහන් කළේය.
ශ්‍රී ලංකා හා මාලදිවයින අතර තිබෙන සබඳතා ශක්තිමත් කිරීම සඳහා නව ආණ්ඩුව සමඟ සමීපව කටයුතු කරන බව මාලදිවයිනේ ජනාධිපතිවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්විණි.
මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක්කරමින් පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශය ද නිවේදනයක් නිකුත් කර තිබිණි.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පකිස්තාන - මාලදිවයින ජනපතිවරුන්ගෙන් ගෝඨාභයට සුබපැතුම්