(නිමල කොඩිතුවක්කු)
අමාත්‍යධුර වලින් ඉල්ලා අස්වූ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මුස්ලිම් මන්ත‍්‍රීවරුන් පක්ෂ නායකත්වයෙන් ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් යළි අමාත්‍යධූර බාර ගන්නා බව තැපැල් සේවා මුස්ලිම් ආගමික කටයුතු හිටපු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පැවැසීය.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් යළි අමාත්‍යධුර බාර ගැනීම සම්බන්ධයෙන් වෙනත් පක්ෂ නියෝජනය කරන මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ගේ එකඟතාවය හිමි වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
ආණ්ඩුව නියෝජනය කරන සියලූම මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවද හලීම් මහතා පැවැසීය.
මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රවුෆ් හකීම්, සමස්ත ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රිෂාද් බදියුදීන් ඇතුළු පිරිසක් එක්ව සිටි බවද ඔහු සඳහන් කළේය.
පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් දැනට කෙරෙන පරීක්ෂණ සඳහා සහාය පළකරන බව පවසමින් ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් නව දෙනෙකු පසුගිය තුන්වනදා සිය ධුර වලින් ඉල්ලා අස්වනු ලැබීය.
COMMENTS
හි !හි ! අන්තිමටම ඔහොම තමයි " බදුර්දීන් නාටකය "අවසාන වෙන්නේ ශේක්ෂ්පියර් එහෙම හිටියනම් මේකේ අවසානය කොහොම වර්ග කරාවිද මන්ද අපට නම් හිතෙන්නේ මෙහෙමයි " නටපු ඩාන්ස් එකකුත් නැත ඩ්‍රම් එකේ සයිඩ් එකකුත් නැත " කියලයි !
නෑ දැන් මෙයාල ඇමතිවරු නොවුනා කියලා රටට අයහපතක් වෙලා නැහැනේ ආයේ කොහොමත් එන්න ඕනේ නැහැ රනිල් දුන්නොත් මේ රනිල්ගේ හා යු එන් පී එකේ අවසාන ආණ්ඩුව යලි ජී වී පී එකේ ආණ්ඩුවක් රටේ පිහිටුවත් යු එන් පී රටේ බලයට එන්න ඉඩ තියන් නැහැ.
එන්න ඕන නෑ ඔහොමම ගෙදර යන්න ලෑස්ති වෙන්න
අපි අස්වෙන්න කිව්වේ ඔතන ඉන්න එක් කෙනෙකුට පමණයි. නවදෙනෙකුට නෙමෙයි, හැබැයි නමයම ගියා. අපි ආපහු ආවට කමක් නෑ කිව්වේ අට දෙනෙකුට පමණයි, නව දෙනෙකුට නෙමෙයි. අපි කිව්ව දේ තේරෙන්න නැතුව ඇති නේද?
පක්ෂ නායකත්වය දැන් රටේ ඡන්ද දායකයාට නයාට අඳුකොළ මෙනි. ඔබතුමාලත් දැන් එම තත්වයටම වැටි ඇත
අන්තවාදීන්ට අනුග්‍රහය දැක්වුවා කියලා චෝදනා එල්ල වුනේ එක මුස්ලිම් ඇමතිවරයෙකුට සහ ආණ්ඩුකාරවරු 2දෙනෙකුට පමණි. නමුත් ඉතුරු ඇමතිවරු 8දෙනාම චෝදනාවට ලක්වුණා. ඇමතිවරයාට සහයෝගය දක්වන්න ඉදිරිපත් වෙන ගමන් කිව්ව මුස්ලිම් ජනතාව අනාරක්ෂිත නිසා ඉල්ලා අස්වෙනවා කියලා.. එ්කෙන් වුනේ මුස්ලිම් සහ ලංකාවේ අනෙකුත් ජනකොටස් සමග බෙදීම තවදුරටත් වැඩිවීම පමණි. දැන් කියනවා අපි අපහු එන්නම්ලු නායකයා කියනවා නම්, ඕන නාඩගමක් නටාගන්න නමුත් ලබන පාර එජාපෙන් ඡන්දෙ ඉල්ලුවොත් ඔබලාට සහ එජාප නායකයාට එජාපෙට ඡන්දේ දෙන බෞද්ධ සහ ක්‍රිස්තියානි මිනිස්සු මනාපේ නොගහන බව කරුණාවෙන් සලකන්න