IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


පක්ෂ ගිණුම්, ව්‍යවස්ථා මැතිවරණ කොමිසම් වෙබ් අඩවියට

බිඟුන් මේනක ගමගේ 

දේශපාලන පක්ෂ සියල්ලේම වාර්ෂික ගිණුම් වාර්තා, ප්‍රතිපත්ති ප්‍රකාශ හා පක්ෂ ව්‍යවස්ථා සිය වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම තොරතුරුවලට අදාළ පුරවැසි ඉල්ලීම් දිනෙන් දිනම වැඩි වන බැවින් ඔවුන්ට පහසුවෙන් තොරතුරු ලබාගැනීම සඳහා මෙම තීරණය ගත් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

අදාළ තොරතුරු වෙබ් අඩවියට ඇතුළත් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් සියලුම දේශපාලන පක්ෂ දැනුවත් කිරීමට මේ වනවිටත් පියවර ගෙන ඇති බව ද සභාපතිවරයා කීය.

අදාළ දැනුවත්කිරීමට අදාළ ප්‍රතිචාර සතියක් ඇතුළත බලාපොරොත්තු වන බවත් ඒ අනුව ඉදිරි සති දෙක ඇතුළත මෙම තොරතුරු මහජන ප්‍රසිද්ධිය උදෙසා වෙබ් අඩවියට ඇතුළත් කරන බවත් මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

 



අදහස් (6)

පක්ෂ ගිණුම්, ව්‍යවස්ථා මැතිවරණ කොමිසම් වෙබ් අඩවියට

fasmy Monday, 04 March 2019 06:40 AM

යහ පාලනයෙන් ඇති වුනු දෙයක්

:       0       6

රවින් Monday, 04 March 2019 07:15 AM

ඔයි වගේම අර එන්.ජී.ඕ. ගිණුම්ද පලකරන්නකෝ? එතකොට අපිට හිතාගන්න පුලුවන්වෙයි කොයි කොයි කිල්ලොටේද හුණු තියෙන්නේ කියලා...

:       2       4

Raveendra Monday, 04 March 2019 07:54 AM

ඇත්තෙන්ම අප මෙය අගය කරන්නෙමු. මෙයට සෑම පක්ෂයක්ම සහයෝගය දිය යුතුයි යන්න අපගේ අදහසයි. කිනම් හෝ පක්ෂයක් තුළ ගෝනි සෙල්ලම් තිබේනම් විශේෂයෙන් ගිණුම් පිළිබදව එම නිවට පක්ෂ මෙසේ තම ගිණුම් ප්‍රසිද්ධ කරනවාට විරුද්ධ වනු ඇත.

:       0       1

ranjith Monday, 04 March 2019 01:21 PM

මැතිවරණයට පෙර ප්‍රධාන දේශපාලන නායකයෝ එක වේදිකාවට ගෙනත් ජනතාවට ප්‍රශ්‍න අහන්න අවස්ථාවක් වෙන රටවල වගේ ඇති කරන්න කියල මැතිවරණ කොමිසමෙන් ඉල්ලනවා. බොරු මඩ ගහගැනිලි විතරයි අපි මෙතෙක් දැක්කේ රටට ප්‍රයෝජනවත් දේවල් ගැන අහන්න පුළුවන් වේදිකාවක් හදලා දෙන එක තමයි අද කල යුත්තේ

:       0       2

Sumith Monday, 04 March 2019 05:36 PM

ඕවා තිබුණට වැඩක් නැහැ. මැතිවරණ ලංකාවේ නැහැ.

:       0       10

Sumith Tuesday, 05 March 2019 05:11 AM

මොන කොමිසම උනත් වැඩක් නැහැ. වැල යන්නේ එක පැත්තකට

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 565 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 493 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site