තරිඳු ජයවර්ධන
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ කතානායක කරු ජයසූරිය මහත්වරුන් අතර ඇතිකර ගන්නා ලද එකඟතාවන්ට අනුව හෙට පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයට සහයෝගය දුන් පක්ෂ කිහිපයක නායකයන් ජනපති හමුවීමට නියමිතය.
දෙමළ ජාතික සන්ධානයේ නියේජිතයන් හෙට පස්වරු 6ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනපති හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව එම පක්ෂයේ ආරංචි මාර්ග කියයි.
එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයන් හෙට පස්වරු 7ට ජනාධිපතිවරයා හමුවීමට නයමිත බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි.
එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවක් පිහිටුවීමට දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය ලැබෙන බව ප්‍රකාශයට පත්වීමෙන් පසු එක්සත් ජාතික පෙරමුණට මන්ත්‍රී ධුර 117ක් පවතින බවත්, ඉදිරියේ දී එය 120 දක්වා වැඩි වනු ඇති බවත් එක්සත් ජාතික පෙරමුණේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් කටයුතු කිරීම නිසා ඔහු සමඟ කිසිම සාකච්ඡාවක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණ අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති එක්ක සාකච්ඡා විතරයි.......... වැඩ නෑ. ඉතින් තවදුරටත් ඔය ජනාධිපති එක්ක සාකච්ඡා කරන එකේ තේරුමක් තියනවද ?
දැන් එතකොට ඉලංගෙයි කොඩියට කොටියවත් දානවද?
තවත් හම්බුවෙන්න යන්නේ.., කරපු හරිය මදිද? "ජනාධිපති තාත්ත" පොතේ, ටොක්කක් ඇන්නාම, හොඳට පීදිච්ච කුඹුර ගිනි තියපු කතාව මතක් වුණා.
රටට දැයට වඩා තමන් ගැන බලන මිනිසෙක් සමඟ මොන සාකච්ඡාද ?
කවුරු කොහොම අර්ථකථනය කළත් මාධ්‍ය තුල තිබෙන ප්‍රවෘත්ති අනුව නම් හත්පොලේ හා තවටිකක් ගාගෙන වගෙයි. සියලුම ලෝක සංවිධාන හා ප්‍රබල රටවල් අපේ අයගේ පිස්සු කෙලිය දිහා කට ඇරගෙන බලා ඉන්නවාලු. වඳුරාද? දැලිපිහියද?