(රංජිත් රාජපක්ෂ)
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂය තුළ පිරිහී යන බලය රැක ගැනීමට විශාල වශයෙන් ණය වී මැති ඇමැතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට අලුතින් වාහන ලබා දුන් බව ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍යය අමාත්‍යය එස්.බි.දිසානායක මහතා පැවසීය.
කොත්මලේ ප්‍රාදේශිය ලේකම් කාර්යයාලයේ එම අමාත්‍යංශය මගින් පවත්වන ඉඩම් ජංගම සේවයකට අද (10) සහභාගී වීමට පැමිණි අවස්ථාවේ මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ කීය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වූ එස්.බි.දිසානායක මහතා කියා සිටියේ කිසිදු ආර්ථික සැලසුමක් නොමැතිව විශාල වශයෙන් ණය වී අති සුඛෝපභෝගී වාහන මෙසේ මැති ඇමැතිවරුන්ට ලබා දී ඇති බවයි.
එක්සත් ජාතික පක්ෂයේ පිරිහී යන බලය රැක ගැනීමට වාහන ගෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතාගේ බලය තවදුරටත් පක්ෂය තුළ පිරිහි ඇති බව එස්.බි.දිසානායක මහතා කියා සිටී.
අමාත්‍යංශ ලේකම්වරුන්ට බලපෑම් සිදුකර එම වාහන ගෙන්වා ඇති බවත්, මාර්තු 20 දින පාර්ලිමේන්තුව විසුරුවා අප්‍රේල් 25 දින පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බවද එස්.බි.දිසානායක මහතා පැවසිය.

COMMENTS
කිසිම ප්‍රශ්නයක් නැ ඇමතිතුමා. තවත් ඕන නම් ගන්න. අපි ගෙවන්නම්. අපි ඉපදුන දවසේ ඉඳලම කරේ ඔබතුමාලව රැක බලාගත්ත එක තමයි.
මෙයත් ඒ කාලේ ඒ ආණ්ඩුවේ ඇමති කෙනෙක්. සුදනා වගේ කතා කළාට මෙයාලත් වාහන ගත්තා. මේ දෙගොල්ලම රටේ මහජන මුදල් පෞද්ගලික දේපළ වගේ වියදම් කරනවා. රටට ජනතාවට ආදරය කරන විකල්ප බලවේගයක් ගැන හිතන්නේ නැත්තේ ඇයි අපි ?
ගුරුවරයෙක් උන තාත්තාගෙන් ලැබුන සල්ලි වලින් මාලිගාවක් හදපු කෙනෙක් තමයි දැන් මේ කතාව අපිට කියන්නේ.
රනිල් මහත්තයා එහෙම කෙනෙක් නෙවෙයි. රනිල් මහත්තයා තමා නායකකමට සුදුසුද කෙනා. එතුමා දේශපාලන ලෝකයේ බුද්ධිමත්ම කෙනෙක්. වාහන බෙදන්න ඕනේ නෑ නායකකම කරන්න. ඔය දැනුත් කරන්නේ. මෙයා කියන ඒවා කවුද පිළිගන්නේ ?
මම හිතුවේ පහුගිය නොවැම්බර් මාසේ ඉඳං මෙයා ආගිය අතක් නැහැ කියලා...ඔය මතුවෙන්නේ....ඡන්දයක්වත් ළඟ එනවැයි ?
දැක්කත් අප්පිරියයි මෙයාලා. සුද්දා වගෙ කියෙව්වට ඔක්කොම හොරු කියල අපි දන්නව. ඔයාලත් ඔවගේ කොටස්කරුවන් තමයි.
මෙයත් පෙරදා බත්මුල බෙදාගෙන කාපු ඈයො ගැන නේද මේ දොඩන්නේ? එදා පට්ට අද පරට්ටි...
ඒ පැත්තේ වහලුන්ට මේ කතාව තිත්ත රසය... මේ පැත්තේ වහලුන්ට පැණිරසය. ලස්සන රටක අක්නාන මිනිසුන් සිටින කම්, කපටි දේශපාලකයන්ට සුර සැපය. සුද්දා කිව්සේ "සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා"ය.
හඟුරන්කෙත බුද්ධිමත් මිනිස්සුනේ... මෙන්න ඡන්දෙන් ගෙදර තියන්න ඕනේ චරිතයක්...
මහින්ද මහත්තයටත් අරන් දුන්නා නේද වෙඩි නොවදින බෙන්ස් කාර් එකක්.
අනේ මෙහෙමත් අයාලයේ යන රටක්. මේ රටේ මිනිසුන් කරන අමන වැඩ නිසානේ අපිට මෙයාලගේ කතා අහන්න වෙන්නේ. අපේ සල්ලි වලින් දෙගොල්ලම කරේ කාර්, ගෙවල්, මාලිගා, ගත්තා වගෙම පිටරට සවාරි ගහපු එකයි. අපි මෙයාලව සතුටු කරන්න ගත්තු ණය ගෙවපු එක තමා අවුරුදු 73 ක් තිස්සේ කළේ සහ දැනටත් කරන්නේ. මේ දෙගොල්ලෝ කරන්නෙ පහෙන් පහට මාරු වෙලා ඇවිත් දෙගොල්ලන්ගේ අඩුපාඩු කියවනවා පුරවා ගත්තු මඩිය මදි වෙලා. විකල්ප අයට බිහිවෙන්නෙ දෙන්නේ නැත්තෙත් අපේ කුහක මහජනයාමයි. මාධ්‍ය සන්දර්ශනයට මුලා වෙලා, බොරු ප්‍රචාර වලට රැවටිලා බිහිවෙන්නත් පෙර ඒ විකල්ප කපලා දානවා. දැන්වත් එකතුවෙලා මේ අයගේ විගඩම් නැවැත්තුවොත් තමා අපේ රටට පිහිටක් වෙන්න අපිට පුලුවන් වන්නේ. කොටින්ම මේ අයට නාම යෝජනා දීමෙන්ම ජනාධිපතිතුමා වැළකී සිටියොත් එදාට අපිට පිහිටක් තියේවි. නැත්නම් ඉතිං අපිට තුණුරුවන්ගේ පිහිට විතරයි.
වාහන ආයත කිරීමට විදේශ විනිමය කොහොමද ලැබෙන්නේ? රටේ වාර්ෂික ආදායමට වඩා වාර්ෂික ණය පොලිය වැඩිවුණාම මොකද වෙන්නේ...!! වහාම වාහන ආනයනය ඇමතිවරුන්ට නෙවේ. කිසිවෙකුට ණය අරන් ගේන්ට එපා. විදේශ වත්කම් උපයන මාර්ග සොයාගෙන ගේන්න. තවත් ප්‍රධාන සාධකයක් වන්නේ මාර්ග තදබදය සහ ගොඩ ගසා ඇති වාහන තොගය දෙස බලන්න. මේ දේශපාලුවන් සෙල්ලම් කරන්නේ මැදපෙරදිග අපේ අම්මලා අක්කලා ජීවිත පූජාවෙන් උපයන මුදලින්...
225න් කෙනෙක් තමයි කතා කරන්නේ... අනේ ඇමැතියෝ ඔයාට සැප වාහන නැතිද? අනේ.... සල්ලි...!!!
මහලොකු සුද්දවන්තයා... තමුන්ගේ පැටිකිරිය කවුරුත් දන්නවා. ක්‍රීඩිකාවකුත් ප්‍රසිද්ධියේ කියලා තිබුණේ. දේශපාලුවන් කියන්නේ බලලෝභී බඩගෝස්තරවාදී හොර දූෂිතයන් කියලා අපි නොදන්නවා නෙවෙයි.
ආ එහෙම කලේ රනිල් විතරද..?
මෙයාට දිවවල් 60ක් විතර තියෙනවා වගේ...
හොරුන්ට ගරුනාම දෙන රටක් මේක... ඒ අයත් මේ වාහන පාචිච්චි කරලා දැන් අනිත් අයට ගහනවා. ඒක සක්කිලි ගතියක්. උඹලා ඔක්කොම එකතුවෙලා රට කෑවා.
අනේ කුක්කු පැටියට ලොසින්ජරයක් දෙන්ට කව්රුත් නැද්ද?
ඡන්දෙන් පැරදිලා ලැයිස්තුවෙන් ගිහින් ඒ ආණ්ඩුවේ ඉඳලා ඇමතිකම් කරලා ආණ්ඩුවේ ජනප්‍රියත්වය පිරිහෙද්දී අනිත් පැත්තට පැනලා දැන් ඒ ආණ්ඩුවටම බනිනවා. මෙවන් ගුණමකුවන් කිසිම ආණ්ඩුවකට වැද්දගත යුතු නැත. ඊයේ චන්ද්‍රිකාට, අද රනිල්ට කළ දේ හෙට මහින්දට ගෝඨාභයට කරන බව නිසැකයි.
මතක තියාගන්න අපි විජය ඇතුලු 700 කණ්ඩායමෙන් පැවතෙන්නන්... ඉතින් අපි ඒ ජනවල ගරුත්වය තැබිය යුතුයි.
කතාව ඇත්ත. බලාගෙන ගියාම රනිල් හරියට රෝමේ උන්නු නීරෝට වැඩි වෙනසක් නැහැනේ? නීරෝ රෝමේ ගිනිගනිද්දී වීනා වාදනේ කළාලු, මෙය රට ආර්ථික වශයෙන් වලපල්ලට වැටිලා තියෙද්දී බලය පවත්වාගෙන යන්න ඇමතිලා මන්ත්‍රීලාට රටේ ජනතා බදු මුදලින් බිලියන් ගණන් දීලා අධි සුඛෝපභෝගි වාහන ගෙන්නලා. රටේ කිසිම සංවර්ධන වැඩක් නොකර, කරගෙන ගිය සංවර්ධන වැඩත් නවත්තලා මැති අමතිලට සන්තෝෂ වාහන බෙදන්න කොටි ගණන් වියදම් කරලා. එය එදා හැදුවේ යන්තම් ඡන්ද ගණනකින් ආසනයක් දිනාගෙන පාර්ලිමේන්තුවට ඇවිත් මේ යානා වාහන දීපු කට්ටියගේ ඡන්දෙන් රටේ විධායක බලතල අතට ගන්න. මෙදා හදන්නේ සජිත්ගේ සන්ධානෙට අලියා ලකුණ ණයට දීලා අලියා, දිනුවොත් ලකුණ අයිති පක්ෂේ නායකයා තමන් කියලා පස්සෙන් පහු සජිත්ව එලවලා බලය ගන්න. පැරදුණොත් මේ සන්ධානෙට ලැබුණු සියලුම ඡන්ද අලියට ලැබුණු ඡන්ද විදියට පෙන්නලා මීළඟ මැතිවරණයේදී රැල්ලක් ඇතිකරලා ඡන්ද කඩාගන්න. පන ගියත් විශ්වාසයක් නැහැ භූතයෙක් වෙලාවත් රටට වින කරයි කියල. හොඳ කට්ටඩියෙක් අල්ලලා බෝතලේකට දාල ගලක් බැඳලා හත් ගව්වක් එපිට මුහුදට දාන්න වෙනවා නැති නම් ආයෙත් එනවා සිකුරුයි.
ඔබතුමාත් ඔය කියන යහපාලන ආණ්ඩුවේ සහ පැති මාරු කරමින් පසුගිය අවරුදු 15 තිබුන ආණ්ඩු කිහිපයකම ඇමතිකම් දරුවා නේද ?
මෙයා ආසනෙන් ජනතාව ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. පස්ස දොරෙන් පාර්ලිමේන්තුවට රිංගගෙන දැන් කියවනවා. මේ වගේ අයට ඡන්දෙ දෙන්න එපා.
ඔබට නම් ජනතාවගේ ඡන්දෙන් මින් ඉදිරියට පාර්ලිමේන්තු එන්න බැහැ. ගියපාර වගේ කාගේ හරි ලැයිස්තුවකින් පාර්ලිමේන්තු එන්න බලන්න.