(හර්ෂණ තුෂාර සිල්වා)
නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා අත්තිකාරම් වශයෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම ඇමෙරිකානු ඩොලර් 15,644,980ක් (රුපියල් 2,832,567,781.65) ගෙවූ බවත් එම සම්පූර්ණ මුදල කුලුන ඉදිකිරීමේ කටයුත්ත සඳහා පමණක් යොදාගත් බවත් ඒරෝස්පේස් ලෝන්ග් මාච් ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් සමාගම (ඇලිට්) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
චීනයේ එක්ස්පෝට්-ඉම්පෝට් බැංකුව හරහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම 2012 වසරේ ඔක්තෝබර් 9 වැනිදා චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික්ස් ඉම්පෝටර්ස් සහ එක්පෝටර්ස් කෝපරේෂන් (සී.ඊ.අයි.ඊ.සී) සමාගමේ ගිණුමට අදාළ අත්තිකාරම් මුදල ගෙවා ඇතැයි ද ඇලිට් සමාගම නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
නෙළුම් කුලුන ඉදි කිරීම සඳහා 2010 වසරේ අගෝස්තු මාසයේදී සී.ඊ.අයි.ඊ.සී සමාගම සමඟ එක්ව එක් සමාගමක් ස්ථාපිත කළ බව ද ඇලිට් සමාගම සඳහන් කරයි. නෙළුම් කුලුන ඉදිකිරීමේ ව්‍යාපෘතියට අත්සන් තැබුවේ 2012 වසරේදී බවත් 2015 වසරේදී කුලුන ඉදිකිරීමේ ඉදිරි කටයුතුවල පූර්ණ වගකීම සී.ඊ.අයි.ඊ.සී ලබාදුන් බවත් ඇලිට් සමාගම සිය නිවේදනයේ සඳහන් කර ඇත. එය ජාත්‍යන්තර ව්‍යාපාරික පිළිවෙත්වලට අනුකූල බව ද ඇලිට් සමාගම සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත.
නෙළුම් කුලුන විවෘත කිරීම ව්‍යාපෘතියේ සුවිශේෂී සංධිස්ථානයක් බවත් එපමණක් නොව එය ශ්‍රී ලංකාව සහ චීනය අතර තිබෙන මිත්‍රශීලි සහයෝගීතාවයේ සංකේතයක් බවත් ඇලිට් සමාගම සඳහන් කර ඇත. රාජ්‍ය සමාගමක් වන අප සමාගම රටවල් 40කට වැඩි සංඛ්‍යාවක ක්‍රියාත්මක වන බවත් පාරිභෝගිකයන්ගේ ඉහළම විශ්වාසය දිනාගෙන ඇති බවත් ඇලිට් සමාගම තවදුරටත් සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාව සහ චීනය අතර තිබෙන මිත්‍ර සබඳතා පෝෂණය කරන අතර ඉදිරියේදීද ශ්‍රී ලංකාවේ ආර්ථික සහ සංවර්ධන කටයුතුවලට සම්බන්ධ වන බව ද ඇලිට් සමාගම වැඩිදුරටත් සිය නිවේදනයේ සඳහන් කර ඇත.
නෙළුම් කුලුන ඉදි කිරීම සඳහා ත්‍රෛපාර්ශවීය ගිවිසුමකට අත්සන් තැබූ බවත් ඉන් එක් සමාගමක් පිළිබඳ කිසිදු තොරතුරක් නැති බවත් කුලුන ඉදි කිරීම සඳහා අත්තිකාරම් වශයෙන් ගෙවූ රුපියල් කෝටි 200ක් අතුරුදන් වී ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් දා චෝදනා කළේය. නෙළුම් කුලුන ඉදි කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා ද කරුණු පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කළ අතර ඇලිට් සමාගම වෙනත් ස්ථානයක තිබෙන බව එම නිවේදනයේ දැක්විණි. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේදී නිකුත් කරන බවද කරුණාසේන මහතා සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබිණි.
COMMENTS
කොහොමහරි දැන් අපට තමයි මේ සේරටම වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ . මේ වගේ චෝදනාවක් කරන්න කලින් හොයල බැලුවේ නැද්ද??? දැන් තානාපති කාර්යාලයත් කියනවනේ එහෙම සමාගමක් තියෙනවා කියල ? අනේ අපේ අයගේ වැඩ.
එතකොට මෙයාලා හදපු කුළුණ කොහෙද තියෙන්නේ? මැදමුලනද?
අර මොනවද හත් පොලේ ගාගත්ත එක්කෙනා තමයි ඔය නාගන්න හදන්නේ... එ් හින්දා කවුරු කවුරුත් ටිකක් ඈත්වෙලා ඉන්න එක හොඳයි. බළල්ලු දී කිරට සාක්කි දෙනවා වගේ එයාගේ කියුම් අනුමත කරන අයත් ඉන්නවා. ඒ ඉතින් දැන් දන්නෝ දනිති.
කවුරු ඇත්ත කියයිද - කවුරු බොරු කියයිද නොදනිමු. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කිව හැකිය. එක දෙයක් පැහැදිලියි. රටේ ධනය දේශපාලකයින් සොරා කන බව පරම සත්‍යයකි. ඔවුන් සොරා කෑ දෙය අපි උපන් දින සිට මැරෙන තෙක් ගෙවමු...!
එහෙම දෙයක් වුණා නම් සොයාබලා අධිකරණයට යන්නේ නැතිව, වාචාලකමට කියවනවට හොඳ පාඩම...
බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ ඉතින් කාට කියන්දෝ මේ නඩු...
රාජපක්ෂලා වන්දනාවේ යන රටක වෙන මොනවද මීට වැඩියෙන් හිතන්න තියෙන්නේ... !!!
අලිට් සමාගමෙන් නිවේදනයක් යනු හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්...!!!
වහාම මේ සම්බන්ධව සොයන්න ජනාධිපති විශේෂ කොමිසමක් පත් කළ යුතුයි කියා මම යෝජනා කරමි.
කෝප් කමිටුව ඉක්මණින් මේ සම්බන්ධව විමර්ශනයක් කළ යුතුයි.
හැකි ඉක්මණින් පාර්ලිමේන්තු කාරක සභාවත් පත්කොට මෙය විමර්ශනයක් කළ යුතුමයි කියා යෝජනා කරමි..
ලෝකේ 19 වන උසම රාජපක්ෂ කොමිස් කුලුන
ඔන්න බොලේ අපේ සිරිසේන ජනාධිපතිතුමත් නූල් පන්දුවක් මැද්දට හිරවෙලා වගෙයි ! අග මුල නොපෙනෙන ජන්ජාලයකට අපේ ජනපතිගේ අවසන් සති කිහිපය දමන්න පිහිට උන අයට දැන් සතුටින් කිරිබත් කන්න පුළුවන් වෙයි !!
දැන් සාටකයන්ගේ ගැහිල්ල වහගන්න ඒ සමාගම් පොළඹවනවා . හොඳට මේ ප්‍රවුර්තිය කියවන්න මහින්ද කියපු එකයි මේ සමාගම කියන දෙයයි කොපමණ වෙනස්ද ?
මඩ ගහන්න ගිහින් හත්පොලේ ගාගත්ත මහත්තුරුයි ඒවා ඔලු උඩ තියාගෙන පිලිගත්ත අම්බරුවන් ගැනයි ශෝකය ප්‍රකාශ කරමි
මේ සියලු ප්‍රශ්න වලට වැරදි කරුවන් වන්නේ ඡන්දෙ දීපු ජනතාව. හරි හමන් පුද්ගලයෙක් රටේ නායකත්වයට යැවීම ජනතාවගේ වගකීමක්. නැත්නම් මේ සර්වජන ඡන්දබලය විහිළුවක් වෙනවා .
කොමිස් ගහගන්න එව්වා කොහොමත් අඩුවක් නැතුව කරගත්තා හැබැයි අනුන්ගේ නමින් .. ඒ නිසා මේ සම්මජ්ජාතියේදී අල්ලනු බොරු .. ඒවා හොයන්නවත් ඒ ගැන කතා කරන්නවත් කාලේ වැය කරන එක අපරාධයක් .. කළ යුත්තේ මොලේ පාවිච්චි කරලා ඔවුන්ට බලය ගන්න ඉඩ නොදෙන එක .. හිතන්න එපා ඔය කවුරුවත් රටේ ආරක්ෂාව ගැන බලයි කියලා ..
ඉන්දික අපි නාගානන්ද මැතිතුමාගේ මතය දරන උදවිය... යූ.එන්.පී කාරයොත් හොරුන්, රාජපක්ෂලා ඇතුළු වහල්ලුත් හොරු.... ඉන්දික ඕක ලෝකයේ 19 වැනි උසම කොමිස් කුළුණ වේ.