(නිමන්ති රණසිංහ)
සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිට මෙරටට පැමිණි ඇවන්ට්ගාඩ් මැරිටයිම්ස් ආයතනයේ සභාපතිවරයා වන යාපා හෙට්ටි ආරච්චිලාගේ නිශ්ශංක යාපා සේනාධිපති මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (17) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.
ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළව ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් නිකුත් කර ඇති විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලින් මෙරටට පැමිණි අවස්ථාවේදීය.
එසේම, ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළව විශේෂ ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ පවතින නඩුව සඳහා මෙම සැකකරු අද (17) සවස 2.00ට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට දැන් දිල්රුක්ෂිටත් උසාවි එන්න වේවිද?
තව ටික දවසකින් ගෝඨාභයත් ඉවරායි...!!!
ලංකාවේ සියලු මහජන නියෝජිතයන්ට හා නිලධාරීන්ට ඍජුව හෝ වක්‍රව කතා කිරීමට නීතියෙන් තහනම් කර තිබෙන 'වෙනම නිජබිමවල්', ස්වයං පාලනය වගේ මාතෘකා ගැන යෝජනා අපේක්ෂකයින්ට ප්‍රසිද්ධියේ ඉදිරිපත් කරන්නේ කොහොමද?
පසුගිය නඩු වාරයේදී ඔහු ලංකාවට පැමිණෙන බව අධිකරණයට දැනුම් දුන්නා වගේම ඔහුගේ පැමිණීමට බාධාවූ සියලු නියෝග අධිකරණය අහෝසි කළා.
ගෝඨාභය ආපු හැටියේ මිනිහා නිදහස්..! මිනිහව අත්අඩංගුවට ගත්තු නිලධාරීන් ගස්..!
ලංකාව කියන්නේ අයාලේ ගිය රටක්... බුද්ධාගමේ ආරක්ෂාව අභිවෘද්ධිය ව්‍යවස්ථාවෙන් දක්වා තියෙන රටේ බුදු පිළිමයකට රත්තරන් දීලා හිරේ ඉන්න කොට බෝම්බ කරුට තඹ දීලා නිදහසේ ඉන්නවා. යුද ජයග්‍රහණය කතා කරන්න තහනම් රටේ නීතියෙන්ම තහනම් ස්වයන් පාලනය කතා කරන්න තහනමක් නැහැ. කාටද පිස්සු?
තහනම් වචනය - දිල්රුක්ෂි ඩයස්.
සජිත් මැතිතුමනි, ඔබ දිහා මුළු රටම බලා සිටිනවා. ටී.එන්.ඒ යෝජනා ඉවතලන්න. අපි අපේ පක්ෂය අලුතින් ගොඩනගමු.
ගෝඨාට එන්න ලැබෙන්නේ කොහෙද? මේ ජයග්‍රහණයේ පළමු පියවර. මෙයාගෙ කට උත්තර අනුව තව ටික දවසකින් ගෝඨා ඉතින්... ගරු හේෂා විතානගේ මන්ත්‍රීතුමා කට ඇරියේ බොරුවට නොවෙයි..
සජිත් මැතිතුමනි ඔබ දිහා මුළු රටම බල සිටිනවා. ටි එන් ඒ යෝජනා ඉවතලන්න. අපි අපේ පක්ෂය අලුතින් ගොඩනගමු.
පාරම්පරික පාක්ෂිකයන් ඈත් වුණු ප්‍රධානම හේතුව රනිල්ගේ කොටි හිතවාදී බව. ඒ නිසා ටී.එන්.ඒ යෝජනා ඉවතලන්න ඔබ රැකගන්න අපි සුදානම්...
අලුත් නාට්‍යක්...
දැන් ඉතින් ආණ්ඩුවේ මැති-ඇමැතිවරුන්ගේ පටි ගැලවෙනවා. සේනාධිපති ඔක්කොම වමාරයි. පහුගිය ඡන්දයේදී එයාගෙන් සල්ලි ගනිපු අය ගැන. ගාල්ලේ ඇමතිවරයෙකුත් ඒ ලැයිස්තුවේ උඩින්ම ඉන්න බව ආරංචියි...
අපරාදේ දැන් අවේ. ලබන මාසේ 17 ආවානම් මල් මාලා දාල පිළිගන්න තිබුන.
අනේ මල විකාර..., අපට මොකෝ කවුරු හිරගෙදර ගියත්.., එක නොවේ කතාව දැන් ලොකු ළූණු කිලෝවක් රුපියල් තුන්සීය පැනලා...