(තිළිණි ද සිල්වා)
කොවිඩ් වසංගතය පැවතිය ද පසුගිය කාලය තුළ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 8800 ක් වටිනා නව සංචාරක ආයෝජන 54 ක් අනුමැතිය සදහා ඉදිරිපත්ව ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
කොවිඩ් තුන්වන රැල්ල අතරතුරත් ඇමෙරිකානු ඩොලර් මිලියන 34 ක නව සංචාරක ආයෝජන යෝජනා ඉදිරිපත් වු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
කොවිඩ් වසංගතය පැවතිය ද රට තුළ නව ආයෝජන අවස්ථා පුළුල් කිරීම සදහා රජයේ විශේෂ අවධානය යොමු වූ බවත්, මෙරට ආයෝජනය සදහා පැමිණෙන විදේශීය ආයෝජකයන් සදහා අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට කටයුතු කළ බවද හෙතෙම වැඩිදුරටත් කියා සටී.
නව ආයෝජන අනුමැතිය ලබා දීමේ දි පැවති ප්‍රමාදය මෙන්ම අක්‍රමිකතා ද ඉවත් කිරීමට රජය කටයුතු කර තිබේ. ඒ අනුව මේ වන විට ආයෝජනය සදහා මෙරටට පැමිණෙන ආයෝජකයන්ට නිසි අවසරයකින් පසුව ප්‍රමාදයකින් තොරව සිය කර්මාන්තශාලා ආරම්භ කිරීමට හැකියාව ඇතැයි ද ඇමතිවරයා කීවේය.
ශ්‍රී ලංකාව හා රුසියාව අතර ආයෝජන අවස්ථා පුළුල් කිරීමට අවධානය යොමුව ඇති බවත් ,ඒ අනුව මෙරට ආයෝජන කටයුතු වෙනුවෙන් රුසියානු ආයෝජකයන්ට අවශ්‍ය සහයෝගය ලබාදීමට රජය සුදානම් බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
520
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
265
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නව සංචාරක ආයෝජන 54 කට අනුමැතිය
Sri Lanka Wednesday, 04 August 2021 08:02 PM
කොරෝනා සෙල්ලම නතර නොකළොත් හෝටල්වල දාන්න වෙන්නේ කුකුල් කොටු...