(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
කොවිඩ් ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉකුත් දා නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් දෙන්නැයි ඉල්ලා ලංකා ගුරු සේවා සංගමයේ සභාපති සහ එහි සාමාජිකයෝ කිහිපදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (14) වෙන වෙනම මුලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළහ.
ලංකා ගුරු සේවා සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු , එහි උප සභාපතිවරුන් එච්. මොහොමඩ් සමීන්, රසිකා හදපාන්ගොඩ,උප ලේකම් වරු වන විජය ලක්මිනීසහ චතූ අධිකාරී යන ගුරුවරුන් වෙන වෙනම ගොනු කර ඇති මෙම පෙත්සම් වල වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න ,රාජගිරිය වැලිකඩ සහා මිරිහාන පොලිසි වල පොලිස් ස්ථානාධිපතිවරුන් , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන , සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි යන මහත්ම මහත්මීන් සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෝනාවරුනි, මහත්වරුනි..., කොරෝනා අපේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන බැවින් ඒ වෛරසයට විරුද්ධව වාරණ නියෝගයක් ගනු මැනවි...!
මේ සංගම්වලින් අධ්‍යාපනයට කිසිම සේවයක් නෑ. බලන්නකෝ ලංකාවේ වැඩිපුරම තියෙන්නේ ගසාකන ජාත්‍යන්තර පාසල්... ළමයින්ට උගන්වන්නේ පිටරට දේවල්... හැබැයි වීසා නැහැ. දෙකටම නෑ.