(අජන්ත කුමාර අගලකඩ)     

                          
නව වසරේ පළමු කැබිනට් රැස්වීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන ජනවාරි මාසයේ 2වැනිදා පෙරවරුවේ පැවැත්වීමට නියමිතය. 

                                                    
නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව පළවූ කැබිනට් රැස්වීම දෙසැම්බර් 20වැනිදා පෙරවරුවේ පැවැත්වූ අතර එය විනාඩි 20කට පමණ සීමා විය. 

                         
මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෞද්ගලික සංචාරයක් සඳහා අද(24) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.                 

                     
ජනාධිපතිවරයා දින හතරක පමණ කාලයක් දිවයිනෙන් බැහැරව සිටින බව වාර්තා වේ.