(අජන්ත කුමාර අගලකඩ)
නව වසරේ පළමු කැබිනට් රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (2) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ.
නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දුන් ඉකුත් 20 වැනිදා ඇමැති මණ්ඩල රැස්වීමක් පැවැත්වූ නමුත් ඇමැතිවරුන්ගේ විෂය පථයන් ගැසට් කර නොතිබිණි.
ඇමැතිවරුන්ගේ විෂය පථයන් මේ වනවිට ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර ඇති අතර විෂය පථයන් ගැසට් කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලය පළමු වරට රැස්වන්නේ අනිද්දා දිනයේය.
COMMENTS
තීන්දු තීරණ ගන්න නොදී 2020 වෙනතුරු අදින්න.
හුරේ... නව වසරේදීත් ශ්‍රී ලංකාවාසීන්ට සුදුපිරුවට ඇගලාගත් 225 කින් සමන්විතවූ " නරි රෑණක බලුපොර " (සීමිත හිවලුන් පමණක් සහභාගී වන) නොමිලේම දැකබලා ගැනීමේ වාසනාව නැවතත් උදාවී ඇත. සියල්ලෝම පැමිනෙත්වා..!!! එමෙන්ම ඇමතියෝ නොවුණු හිඟන්නන්ගේ අඳෝනා, අඩවැඩියාව හොඳින් දැකබලා ගැනීමට හැකිවනු ඇත...
මේ පාරත් විනාඩි විස්සකට සීමා වේවිද?
අවුරුදු 3ක් තිබුණා ඕවා ජනතාවට නොවෙයි සුභ සෙත.... ඒ අයගේ හත්මුතු පරම්පරාවටම හම්බ කරගන්න තමා උත්සහය..
මහබැංකුව සුද්ද කරපු අය නව වසරේ දැකීමත් ජනතාව ප්‍රිය නොකරන දසුනකි...
සංවර්ධන වැඩකටුතුවලට කකුල් මාට්ටු එපා. රජයේ වැඩ මීට වඩා කඩිනම් විය යුතුයි.
ආපහු පැය දෙකක දේශනාවක් අහන්න තමයි වෙන්නේ.