(නිමල කොඩිතුවක්කු)
නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් සිවිල් සංවිධාන කැපවූවත් එයට අවශ්‍ය දේශපාලන නායකත්වයක් නොලැබුණ බවත් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා කොළඹදී පැවසීය.
දේශපාලන නායකත්වයට අවංක වුවමනාවක් කැපවීමක් නැත්නම් අළුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවසථාවක් නිර්මාණය කර එය සම්මත කරගත නොහැකි බව පෙන්වා දුන් විජේසූරිය මහතා වත්මන් නායකයන් දෙදෙනාටම ඒ සඳහා අවංක වුවමනාවක් නොමති බවද සඳහන් කළේය.
අළුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එරෙහිව අසත්‍ය ප‍්‍රචාරවලට පිළිතුරු යන තේමාවෙන් සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති එකමුතුව කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේදී අද (8) සංවිධානය කළ මහජන රැස්වීමට එක්වෙමින් හෙතෙම මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය සරත් විජේසූරිය මහතා මෙසේද කිය.
‘‘2015 ජනාධිපතිවරණය පැවැත්වීමේදී රටට අවධාරණය කළ කරුණ තමයි අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවසථාවක් නිර්මාණය කරනවා කියන එක. ඒ වගේම ඒ ජනාධිපතිවරණයේ තේමාව වුණේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා කියන එක.
ඒ වෙනුවෙන් නිර්පාක්ෂිකව පොදු අපේක්ෂකයෙක් තෝරා ගෙන සෝභිත හාමුදුරුවෝ ප‍්‍රභල නායකත්වයක් ලබා දුන්නේ මේ රට නීතිය මත පාලනය කරන රටක් බවට පත්කරන්නයි.
මම මේ රටේ ජනාධිපති වෙලා ඉන්නෙත් රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති බවට පත්වෙලා ඉන්නෙත් සෝභිත හිමියන් ගොඩනගපු ඒ ව්‍යාපාරය නිසා බවත් උන්වහන්සේට කරන ගෞරවයක් ලෙස විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට කටයුතු කරන බවත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා සෝභිත හිමියන්ගේ ආදාහන උත්සවයේදී ලෝකයටම ඇහෙන්න ප‍්‍රතිඥාවක් දුන්නා.
ඉන්පසු සෝභිත හිමියන්ගේ ගුණසමරු දෙකේදීම මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඒ ගැන කතාකළේ නැහැ. තුන්වන ගුණ සැමරුවේදී ඔහු කුමන්ත‍්‍රණය කරලා මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍යධූරයට පත් කළා.
විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමටවත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමටවත් මෛත‍්‍රීපාල සිරිසේන ඔහුගේ ධූර කාලය තුළ ඉඩ ලබාදෙන්නේ නැහැ කියන එක අපිට ඉතාම පැහැදිලියි. මේ තිත්ත ඇත්ත අපි තේරුම් ගත යුතුයි.
විධායක ජනාධිපති ක‍්‍රමයට මුල සිට විරුද්ධ වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් විධායක ජනාධිපති ක‍්‍රමය තියාගන්න ඕන කියලා කියන්නේ මෛත‍්‍රීපාල සිරිසේන නිසයි. ආරම්භයේදී මේ ගැන තිබුණු අදහස් දැන් වෙනස් වෙලා තියෙනවා.
ලංකාවේ පළවෙනි වතාවට තමයි ආණ්ඩුක‍්‍රම ව්‍යවසථාවක් නිර්මාණය කිරීමට මහජන අදහස් ලබාගත්තේ. ඉන්පසු මුළු පාර්ලිමේන්තුවම සහභාගි කරගෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවසථාවක් නිර්මාණය කිරීමේ මූලික අඩිතාලම දැම්මා.
දේශපාලන නායකත්වය එයට අවංක වුවමනාවක් කැපවීමක් නැත්නම් අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවසථාවක් නිර්මාණය කරලා ඒක සම්මත කරගන්න බැහැ. අද අපිට පේනවා මේ නායකයන් දෙදෙනාටම ඒ අවංක වුවමනාව නැති බව. රනිල් වික‍්‍රමසිංහ මහතා දැන් මේක අතහැරලා තියෙනවා.
අපි සිවිල් සංවිධාන නියෝජිතයෝ විදියට මුල ඉඳලම ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් දන්වා සිටි දේ තමයි ඔබ දෙදෙනා එකට එක වේදිකාවක ඉඳගෙන අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවසථාවක් සම්බන්ධයෙන් ජනතාවට අවබෝධයක් ලබාදීමේ ව්‍යාපාරය ගොඩනගන්න කියලා. මේ දෙදෙනා මේ කටයුත්තට එකඟ වුනේ නැහැ.
අලූත් ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ කටයුත්ත වෙනුවෙන් පහුගිය කාලය තුළ මහජනතාව දැන්වත් කිරීමට විවිධ මට්ටමින් කැපවුනේ සිවිල් සංවිධාන පමණයි. ඒකට අවශ්‍ය දේශපාලන නායකත්වයක් ලැබුණේ නැහැ.
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලය තුළ කවුරුන් මොන තරම් උත්සාහ කළත් පාර්ලිමේන්තුවේ මේ කටයුත්ත ඉටුවන්නේ නැහැ. ඒක ඉටුකරන්නට අවශ්‍ය වාතාවරනය මේ වනවිට පාර්ලිමේන්තුවේ නැහැ.
මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළේ සෝභිත හිමියන් මුලා කිරීම පමණක් නෙමෙයි ඉතාම නින්දිත විදියට මේ රටේ සුලූ ජාතිකයන් පවා මුලා කළා. දැන් අන්තවාදී කොටස් සමඟ එකතු වෙලා ඔවුන්ගේ පිහිටෙන් නැවත වරක් විධායක ජනාධිපති වීමේ සිහිනයක් දකිමින් සිටිනවා’’ යැයිද ඔහු එහිදී පැවැසීය.
ඡායාරූප චතුර එස් .කොඩිකාර



COMMENTS
ලංකාවේ දේශපාලකයන් දෙස බලලා ව්‍යවස්ථාවක් හැදීම ස්වාධීන නොවෙයි. ඔවුන් බලන්නේ ඔවුන්ට වාසිදායක තත්වයන් ඉටුකර ගැනීමටයි. ලෝකයේ රටවල් දෙස බලා ඊට පාඩම් ලබාගෙන සුදුසු ව්‍යවස්ථාවක් සකස් කිරීම යුතුකමයි. නැතිනම් හැමදාම සංශෝධන තමයි.
ඕකට ඇවිත් ඉන්න ගොඩයන්ගෙන් පේනවා කාටද මොනවද ඕනේ කියලා.
දේශපාලන නායකත්වය දෙන්න සිංහල ජනතාවගේ කැමැත්ත ලැබෙන්න ඕනේ. නැතුව දෙමලුන්ගේ සහ එන්ජීඕ ගැත්තන්ගේ වුවමනාවට රටේ ව්‍යවස්ථා හැදෙන්නේ නැහැ හලෝ. ඔහෙලා ලිට්රෝ ගෑස් කුලියට කහින මිනිස්සු ඔහෙලාව යවන්න ඕනේ තැන අපි දන්නවා.
මෙයාලා හිතන්නේ එයාලා දැනුම් තෙරුම් ඇති, රටේ ජනතාව එයාලට ආදරේ කරන උගතුන් කියලා, ඒ වුනාට අපිට පෙනෙන්නෙ වරදාන ලබන කොමිස් මුදල් බලාගෙන බොරුකියන තවත් පව්කාරයන් කොටසක් කියලා.
ඔහේ.. ආයෙත් මීඩියා ෂෝ, මම හිතුවේ පසුගිය දවස්වල අහපු දේවල්වල හැටියට මීඩියා ශෝ නොතියාවි කියලා. මෙයි පෙනෙන්නේ වරදාන වඩා රසයි කියන එකනේද?
ඩොලර් කාක්කන්ට ලැජ්ජාව කියන එක ගෑවිලාවත් නැහැ..
තවමත් මේ ආචාරිය සමාජගත කරන්න හදන්නේ ප්‍රෝඩාකාරී ව්‍යවස්ථාවක්.., ඩොලර් කාක්කෝ !!!
දේශපාලන නායකත්වයක් ලැබෙන්නේ ඒක කළාට පස්සේ දේශපාලකයින්ට තමන්ගේ ඡන්ද දායකයට මුහුණ දෙන්න පුලුවන් නම් විතරයි. මේ ව්‍යවස්ථාවේ සාධනීය ලක්ශන තිබුණත් ඒ සඳහා බහුතර කැමැත්ත ප්‍රජාතන්ත්‍රවාදීව ලබාගන්න තරම් මොලයක් මේක කරපු විද්වතුන්ට තිබුනේ නෑ. සිවිල් සමාජ ක්‍රියාකාරීනුත් දේශපාලකයන් වගේ මන්දබුද්දික පිරිසක් නිසා කවමදාවත් වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ. ඕක තේරුම් ගන්න මෙයාට බෑ...
මොවුන් කාලා බීලා ඉන්නේ ලිට්රෝ ගෑස් සල්ලි වලින්... දුටු තැන තක්කාලි ගහන්න ඕනේ හොරුන් තමයි.
අනේ යන්න විජේසුරිය ... ඔයාලා වගේ අය නිසා තමයි අපේ රටට මේ වින්නැහිය වුනේ... ඔයාලා එක්ක තියෙන කේන්තිය කොපමණද කියලා කියා නිම කරන්න බැහැ... ඒක පුද්ගලික එකක් නොව කණ්ඩායමම රටේ ජනතාව මුලා කල එකටයි. තවත් ජනතාව රවටන්නේ නැතුව තමාගේ කර්මාන්තයක් කරගෙන ඉන්නවා නම් රටට හොඳයි...
ඉතින් තැන්තැන්වල කියව කියවා ඉන්නේ... ඇයි? දෙන්නකෝ නායකත්වය මේපාර ජනාධිපතිවරණයට ඉල්ලලා.
ලංකාවේ දැන් තියෙන ටිකිරි මොලවල් පාවිච්චි කරලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න බැහැ. හැදුවත් සිද්ධවන දේවල් ගැන 19 වන සංශෝධනයෙන් අපි දැක්කනේ. ඔන්න ඕක අල්ලලා දාලා වෙනවැඩක් බලා ගත්තානම් හොඳයි නේද?
අපොයි අපි මේ කපටි රැළට අපි අහුවුනානේ වරෙල්ලා තව පාරක් අපිව ගොන්නු කරන්න...
මොවුන්ගේ කටයි, පශ්චාත් භාගයයි වැහිලා තිබුණා.. පහුගිය දවස් ටිකේ බදියුදීන්ගේ හොර වැඩ එළියට ආපු වෙලාවෙයි, නාවික හමුදාවට පහර දුන්නු සිද්ධිය වුණු වෙලාවෙයි...... හරි ජනතා ක්‍රියාකාරිකයින් නම් අහිංසක මිනිස්සුන්ගේ ගම්මිරිස් වගාවට වුණුපාඩුව බදියුදීන්ගෙන් අයකරගන්නා ලෙස බල කරනවා. දැන් ආයෙත් බෙනෙන් එළියට ඇවිත් කාක් කාක් කියනවා. මොකද කාක්කන්ට වුනත් කෑම තියෙනවද කියලා දැනගන්න පුළුවන් කාක් කීවොත් විතරයි.
පිස්සු වැඩ තමයි. කන්න නැති මිනිස්සුන්ට ව්‍යවස්ථාව කන්න දෙන්න හදනවා වගේ...
මෙයත් සතා තමයි මාත්තියලා...
මේ වගේ හැතිකරයක් ඉන්න නිසා තමයි මහා සිංහලයා නැතිවී තිබෙන්නේ... එ්කට හොරට චීවරධාරියෙකුත් රිංගගෙන රට කනවා.
රස්සාව අතහැරියොත් කොහොමද මම ජීවත් වෙන්නේ.. ඒක මේ රැස්වෙලා ඉන්න අය තේරුම් ගන්න ඕනෑ
1972 ඉඳන් කී පාරක් ව්‍යවස්ථාව හැදුවද වෙනස් කළාද..? එ්ත් 1972 ඉස්සෙල්ලා අපිට මේ වගේ අහේනියක් තිබුනේ නෑ. රටත් හොඳට තිබුණා.. මොවුන් රට හදනවට වැඩිය කරන්න බලන්නේ ආණ්ඩු ක්‍රමය වෙනස් කරන්න ඔයිට වඩා හොඳනැද්ද ආණ්ඩුව ඇතුලේ ඉන්න හොරුයි දූෂිතයෝයි අල්ලලා දුන්නා නම්..
හලෝ හාමුදුරුවරු පිටිපසට දාල කවුද අර ඉස්සරහ පේලියේ කොනේම ඉන්න ගොයියා? ඔය ඉන්න සියලුම කට්ටියට ලිට්රෝ ගෑස් එකෙන් කුලිය ගෙවනවාද?
හුචක්කුවෙන් කරලියට ඇවිත් දැන් පිටරැටියන් සතුටුකරණට සාදාරන සමාජයක් අටවාගෙන රට ජාතියට ද්‍රෝහී වෙලා.
මේ අදහස්වලින් 99.7% ක්ම මෙයාලගෙ කයිවාරුව ප්‍රතික්ශේප කරල, එය සාපේක්ශව මුලු ජනතාවම නියෝජනයක් වගෙයි මටනම් පෙනෙන්නෙ. මෙය වියන්ගොඩ මහතා තේරුම් අරගෙනවත් ද මෙතන නැත්තෙ.
ව්‍ය්වස්තාවකින් පමණක් රටක් දියුණු කල නොහැකි බව මේ මෝඩ ආචාරිට දැන්විය යුතුයි
සරත්ගේ හරක් තියරිය... ඕවා නුඹට හොඳපාඩම්...
මෙයාගේ මුහුණුවර මුදල් ඇමතිගේ වගේ මයි. දෙන්නාම එකම මූලාශ්‍රයකින් පැවැත එනවාද දන්නේ නැහැ.