බිඟුන් මේනක ගමගේ
රටට අවශ්‍ය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරගැනීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද කැපවිය යුතු යැයි ද පන්සල් ගානේ ගොස් කරන වොයිස් කට් දේශපාලනයෙන් කිසිදු සෙතක් නැතැයි ද අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි තලතා අතුකෝරාල මහත්මිය ‘ලංකාදීප’ යට පැවසීය.
වගකිව යුතු දේශපාලන පක්ෂ සියල්ලම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් කැපවිය යුතු යැයි ද අපි ඕකට නැතැයි කියා බොරු බිල්ලන් මවා ජන සමාජය භීතියට පත්කිරීම පහත් දේශපාලනයක් යැයි ද ලංකාදීප 'සඳුදා හමුව' දේශපාලන සාකච්ඡාවට එක්වෙමින් ඇමැතිවරිය චෝදනා කළාය.
බලය තිබියදී මෙන්ම අහිමිව තිබියදී ද එය ඉවසා කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂයට ජීවන විලාසයක් ඇතත් විපක්ෂයේ ඇතැමුන්ට එවැනි සංයමයක් නැතැයි ද අතුකෝරාල මහත්මිය කීවාය.
දැනට කිසිදු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කර නැතැයි ද සකස් කර ඇති වාර්තාව ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ කමිටු පහත් සාමාන්‍ය පුරවැසියනුත් ඇතුළු සියලු පාර්ශ්වයකින්ම ඉදිරිපත් කළ අදහස් මත පදනම්ව සැකසූවක් යැයි ද ඇමැතිනි අතුකෝරාල මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.
2025 දෙසැම්බර් මස 18
226
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
976
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘නව ව්‍යවස්ථාවකට විපක්ෂ නායක කැපවිය යුතුයි’