( තිළිණි ද සිල්වා සහ නිමන්ති රණසිංහ)
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් මෙරට ධීවර ක්ෂේත්‍රයට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 720ක අතුරු වන්දි මුදලක් ගෙවීමට එම නෞකාවේ රක්ෂණ සමාගම එකඟතාවය පළකර ඇතැයි අධිකරණ අමාත්‍ය , ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසයි.
අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සිය නිල ෆේස් බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඒ බව සදහන් කර සිටී.
අධිකරණ අමාත්‍යවරයා සිංහල , දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්ත්වයෙන්ම එම සටහන යොදා තිබිණි.
මීට අමතර සිංගප්පූරු සමාගමකට අයත් අදාළ නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ ව්‍යවසනකාරී තත්ත්වය පිළිබදව තමා අද(26) පස්වරුවේ සිංගප්පූරු අධිකරණ අමාත්‍ය එච්.ඊ.කේ ෂන්මුගම් මහතා සමග දුරකථනයෙන් සාකච්ඡා කළ බවත් එහිදී ඇතිවූ තිබෙන ව්‍යවසනකාරී පරිසර දූෂණ අවම කර ගැනීම සදහා ශ්‍රී ලංකා රජයට සහාය ලබා දෙන බවට සිංගප්පූරු අධිකරණය අමාත්‍යවරයා සහිතික වූ බවද අමාත්‍ය අලි සබ්රි මහතා සිය ෆේස්බුක් ගිණුමේ තවත් සටහනක් යොදමින් සදහන් කර තිබිණි.
මේ අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමුද්‍රිය පරිසර ආරක්ෂණ ආධිකාරියේ සභාපතිනි දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළේ එස්ක්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුරෙන් රජයේ පාර්ශ්වයන්ට ගිය වියදම ගණනය කිරීමේදී නාවික හමුදාවට, වෙරළ ආරක්ෂක බළකායට, වරාය අධිකාරියට නෞකාව ගලවා ගැනීමේ මෙහෙයුම්වලදී වියදමක් ගිය බවය.
එසේම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට කිලෝමීටර් 700ක පමණ දුර වෙරළ පිරිසිදු කිරීමේ කටයුතු කරන්න සිදුවූ බවත් ,ධීවර ක්ෂේත්‍රයට සිදුවූ පාඩුව ආදී ඒ සියල්ල එකතු කරලා ගත්තාම තමයි ඩොලර් මිලියන 40 වන්දියක් ලංකාවට ලැබිය යුතු බවත් අදාල සමාගමට දැන්වූ බව සභාපතිනිය කියා සිටී.
ඔවුන් දැනට ඩොලර් මිලියන 3ක මුදලක් ගෙවන්නට ඉදිරිපත් වී ඇති බවත් , ඉතිරි වන්දි ගෙවීම සඳහා ඔවුන් මේ වනවිටත් සලකා බලමින් සිටින බව ඇය කියා සිටියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුහුදු පතුලේ ඇති රසායනික ද්‍රව්‍ය පිළිබඳ විශ්වාස කළහැකි විද්‍යාඥ පරීක්ෂණ වාර්තා නොමැති බැවින් මාස ගණනාවකට මිලියන ගණනාවක ජනතාවකට මත්‍ස්‍ය ආහාර ආහාරයට ගත නොහැකිය. ලක්ෂ ගණනක් ධීවරයින්ට මාස ගණනාවක සිට රැකියාවද නොමැත. මේ මුදල කිසිසේත් මේ වූ පාඩුවට ලඝුකළ නොහැකිය...