
(නිමල කොඩිතුවක්කු)
නවවැනි පාර්ලිමේන්තුවට තේරීපත්ව ඇති මන්ත්‍රීවරුන්ගේ තොරතුරු අන්තර්ජාලය ඔස්සේ ලබාගැනීමේ ක්‍රමවේදයක් සකස් කර ඇති බවත්, එළඹෙන 15 වැනිදාට පෙර මන්ත්‍රීවරුන් විසින් එම තොරතුරු ලබාදිය යුතු බවත් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා ලංකාදිපයට අද(11) පැවසීය.
ඒ අනුව සියලු මන්ත්‍රීවරුන් සිය තොරතුරු ලබාදීම සඳහා පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස අයදුම් පත්‍රය සම්පූර්ණ කළ යුතු බවද ඔහු කීය. කෝවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව තුළ මේ වන විට ක්‍රියාත්මකව පවතින තොරතුරු තාක්ෂණික ක්‍රමවේදයන් උපයෝගී කර ගනිමින් අන්තර්ජාලය ඔස්සේ තොරතුරු ලබා ගැනීම මෙහිදී සිදුකෙරෙන බවද නියෝජ්‍ය මහ ලේකම්වරයා සඳහන් කළේය.
මන්ත්‍රීවරුන්ගේ පහසුව සඳහා මෙම වැඩපිළිවෙළ හඳුන්වා දුන් බවත් ඒ අනුව ඔවුන්ට පාර්ලිමේන්තුවට නොපැමිණ තම ඡන්ද කොට්ඨාසවල සිටිමින් ම මෙම කටයුත්ත කළ හැකි බවත් ඔහු පැවසීය.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන් දිවුරුම් දීම හෝ ප්‍රතිඥා දීම, පාර්ලිමේන්තු වෙබ් අඩවියට සහ ඉදිරි කටයුතු සඳහා ඔවුන්ගේ ජීව දත්ත තොරතුරු අනිවාර්ය වන බැවින් හැකි ඉක්මණින් තොරතුරු ලබාදිය යුතු බවද ඉද්දවල මහතා කීය.තේරිපත් වූ සභිකයින්ගේ අධ්‍යාපන සුදුසුකම්, වෘත්තීය සුදුසුකම්, ඡායාරූප ඇතුළු තොරතුරු රැස්කිරීමට එහිදී පියවර ගනු ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.