(ඉන්දිකා රාමනායක)
ශි‍්‍ර ලංකා නාවික හමුදාවේ වශයෙන් වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (01) නාවික හමුදා මූලස්ථානයේ දී වැඩබාර ගත්තේය.
හිටපු නාවික හමුදාපති අද්මිරාල් සිරිමෙන් රණසිංහ මහතාගේ සමුගැනීමේ උත්සවය ද අද පෙරවරුවේ පැවැත්විණි.
හිටපු නාවික හමුදාපති අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා විසින් නව නාවික හමුදාපතිවරයා වෙත සුභ පතමින් නාවික හමුදාපති ධූරයේ සංකේතවත් අසිපත පිළිගැන්වීමෙන් පසු නව නාවික හමුදා සම්ප්‍රදානුකූලව ඒ මහතා ආචාර මැද සිය ධුරයෙන් නික්ම ගියේය.
ඉන් අනතුරුව නව නාවික හමුදාපතිවරයා සර්ව ආගමික වතාවත් මැද සිය ධුරයේ වැඩ බාර ගත්තේය.
එහිදී නව නාවික හමුදාපතිවරයා වෙත විශේෂ සම්මාන ආචාර පෙළපාලියක් ද පිරිනැමිණි.
මෙම අවස්ථාවට ඒ මහතාගේ බිරිද වන අරුන්දතී ජයනෙත්ති මහත්මිය හා පුතුන් වන යෙහාන් සහ දුලින ඇතුලු ජ්‍යෙෂ්ඨ නාවික හමුදා සමාජිකයන් රැසක්ම සහභාගි වූහ.



COMMENTS
විශ්‍රාම යන නාවික හමුදාපතිවරයාටත් නව නාවික හමුදාපතිවරයාටත් අපගේ උණුසුම් සුබපැතුම්.!!! හිටපු නාවික හමුදාපතිවරයා ඉහලම නිලතල දරන රජයේ සේවකයන්ට ඉතිහාසගත පාඩමක් කියාදී ඇතිබවක් නම් කිවයුතුය. ඔබ විසින් ඒ කියාදුන් පාඩම මිල කල නොහැකි දෙයකි. නැවතවරක් ඔබට අපගේ සුබ පැතුම්...!
මහා පොලවට, මුහුදට , අහසට, ගහට ,කොළට , රටට ,ලොවට ආදරය කරන මිනිසෙක්
නාවික හමුදාවේ අවංක බවේ සංඛේතය ලෙස හැදින්විය හැකිය.