( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සිදු වූ විනාශයට වගකිවයුත්තන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා ලෙස බලධාරීන්ට නියෝගය කරන්නැයි ඉල්ලා පරිසර විද්‍යාඥවරියකු හා සමාජ ක්‍රියාකාරියකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ඔක්තෝබර් 25 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) නියම කළේය.
කුමුදුනී වික්‍රමසිංහ සහ, ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවූ අතර එහිදී පෙත්සම සලකා බැලීම මෙදිනට නියම කෙරිණි.
පරිසර විද්‍යාඥවරියක වන ආචාර්ය අජන්තා පෙරේරා සහ ජේ.ජෙගතීෂ්වරන් විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.
මෙම පෙත්සම අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදි අදාළ නැව් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා මෙම පෙත්සම් විභාගයේදී අතරමැදි පාර්ශව පෙත්සම්කරුවකු ලෙස මැදිහත්ව කරුණු ඉදිරිපත් කිරීම ට තම සේවාදායක නැව් සමාගමට අවසර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර 80% රත් වෙච්ච රන්මාල හොරා පාර්ශ්ව කරුවෙක් නොවේද?