
කොළඹට නුදුරින් ඈත මුහුදේ ගින් ගන්නා එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මැඩ පැවැත්වීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ වෛභව් නෞකාව සහ අයි.සී.ජී. ඩෝනියර් ගුවන් යානය සහ වෝටර් ලිලී බෝට්ටුව පිටත් කර එවා ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ ඉල්ලීමකට අනුව එම නෞකාව සහ ගුවන් යානය පිටත් කර එවා ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් අපේ වරාය නගරය වැඩ අඩාල කරන්න හිතා මතාම කරපු වැඩක්.
මුහුදේ පවතින අඩුපිඩන තත්වය නිසා කුණාටුවක් ඇතිවුහොත් නැව ලංකාවේ වෙරළේ නවතිනු ඇත.
ලංකාවටම එනවා ගිනිතියාගන්න
මහ ලොකුවට අපේ කට්ටිය වැඩේට බැස්සා. බැහැලා කිව්වේ ගින්න පාලනය කරා කියලා. ඒත්, යට ගින්න ඇවිලී උඩට මතුවුනා. වැඩේ වැරදි ගින්න නිවාගන්න බැරිවෙන තරමට දරුණු උනාම, පිටරටවල සහාය පැතුවා. දැන් ගින්න අමුතුවෙන් නිවන්න දෙයක් නැහැ. නැව ගිනිබත්වී හමාරයි. අපේ සැලසුම් අසාර්ථක බව දැන් හෝ වටහාගත යුතුයි. ඒ නිසා මින් ඉදිරියට හෝ තමන්ගේ නොහැකියාව ගැන මනා ලෙස සිතාබලා මෙවන් කටයුතු වලදී අවශ්‍ය විදෙස් සහාය හා උපදෙස් ලබාගැනීම ඉතා වැදගත්.
මෑත කාලයේ සිදුවූ නැවු ගිනි ගැනීම් දෙකම ඉන්දියාවට සම්බන්ධ සිදුවීම් ,දෙකේම තිබ්බේ ශ්‍රී ලංකා සමුද්‍රයට හානිවන දේවල්, දෙකම සිදු වුනේ ලංකා මුහුදු සීමාවේ.!!!
කෙටි කාලීනව අවස්ථා 02ක් නැව් අපේ මුහුදු සීමාවේ ගිණිගත්තේ ඇයි දන්නේ නැහැ? අනික දෙකේම තියෙන්නේ රසායනික ද්‍රව්‍ය?