(අජන්ත කුමාර අගලකඩ)
නව කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන්ට පැවරෙන විෂය පථයන් ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීම තවදුරටත් ප්‍රමාද වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇමැතිවරුන්ගේ විෂය පථයන් ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය අද(24) වනවිට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉකුත් බ්‍රහස්පතින්දා පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර තිබිණි.
ජනාධිපතිවරයා පෞද්ගලික සංචාරයක් සඳහා අද(24) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගිය අතර දින හතරක පමණ කාලයක් විදේශගතව සිටිනු ඇතැයි පැවසේ.
ඒ අනුව ගැසට් නිවේදනය නිකුත් කිරීම තව දින හතරකින් පමණ කල් යනු ඇතැයි එම ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd