IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ප්‍රතික්ෂේප කරන බව ටෙලෝ සංවිධානය කියයි

(එෆ්.අස්ලම්)

 
දෙමළ ජනතාවගේ ජාතික ගැටළුවට පිළිගත හැකි විසදුමක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතෙන් යෝජනා කර නොමැති බවත් මේ හේතුවෙන් එම ව්‍යවස්ථා කෙටුම්පත ප්‍රතික්ෂේප කරන බවත් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ටෙලෝ සංවිධානය අවධාරණය කර සිටීයි.
 
උතුරු නැගෙනහිර පළාත්වල පූර්ණ ස්වයං අයිතිය තහවුරු කරන ෆෙඩරල් විසදුමක් ගෙන ඒම සිය ස්ථාවරය බවත් නව ව්‍යවස්ථා කෙටුම්පත තුළින් ඒකීය රාජ්‍ය ක්‍රමය වෙනස් වි නැති බවත් ඒකීය රාජ්‍ය ක්‍රමය කිසිවිටක පිළිගත නොහැකි බවත් මෙම සංවිධානය පෙන්වා දෙයි.
 
ටෙලෝ සංවිධානයේ මධ්‍යම කාරක සභාව රැස්ව මෙම තිරණය ගෙන ඇති අතර මෙකී තීරණය පිළිබද වැඩිදුර සදහන් කිරීමක් කරමින් නිවේදනයක්ද නිකුත් කළහ.
 
එම නිවේදනයේ මෙසේද සඳහන්ය.
 
 දශක ගණනාවක් පුරා ඇදීගෙන ආ ජාතික ප්‍රශ්නය නිසා යුද්ධයක් රටතුළ නිර්මාණය වුනා.එහි ප්‍රතිඵල වශයෙන් ශ්‍රීලංකා හමුදාවේ සහ කොටි සංවිධානයේ ඇතුළු ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මරණයට පත්වුනා.ශ්‍රීලංකාවේ ජාතික ගැටළුවට සාධාරණව පොළවේ පය ගසා සිටිය හැකි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන්ට අනුකූල දේශපාලන විසඳුමක් ගෙන ඒමට හැකියාව පවතින බව විශ්වාස කරන්නෙමු.
 
දෙමළ ජනතාවගේ දුක්පීඩාවන් හා ඔවුනට වූ අසාධාරණයන්ට විසදුම් හිමිවෙන උතුරු නැගෙනහිර පළත්වෙල ස්වයං අයිතිය තහවුරු කරන ඒකීය රාජ්‍ය ක්‍රමය වෙනුවට ෆෙඩරල් පාලන ක්‍රමයක් මෙම ගැටළුවට විසදුම් වශයෙන් හිමිවිය යුතුයි කියන ස්ථාවරයෙන් තම පක්ෂය ඇතුළු දෙමළ ජාතික සන්ධානය ජනතාවගේ ඡන්දය හිමිකරගත්තා.අප ජනතාවට අප ලබාදුන් පොරොන්දුව කිසිවිටක ඉවත් කරගන්න බැහැ.
 
ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව විසින් සකස් කර ඇති යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත අවධානයෙන් පරිශීලනය කිරීමේදී එය ප්‍රතික්ෂේප කිරීම හැර අන් විකල්පයක් නැහැ කියන එක අපි පැහැදිලිවම ප්‍රකාශ කරනවා.මේ ව්‍යවස්ථා කෙටුම්පතට අනුව ඒකීය පාලන ක්‍රමය අඛණ්ඩව පවත්වාගෙන යාමට යෝජනා වී  තිබෙනවා.එමෙන්ම බෞද්ධාගමට  වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවතින ප්‍රමුඛස්ථානය නව ව්‍යවස්ථාව තුළින්ද යෝජනා කර තිබෙනවා.ශ්‍රීලංකාවේ සෙසු ආගම් අනාථ ආගම් විදිහට ඇද දමා තිබෙනවා.
 
ඒ වගේම බලය බෙදීමේ කාරණයේදී බලතල පූර්ණ වශයෙන් වැඩිකිරීම වෙනුවට පළාත් සභා සදහා බලතල සීමා කරල තියෙනවා.13 වන ව්‍යවස්ථා සංශෝධනයේ බලතල බෙදිමෙන් ඔබ්බට කිසිදු ප්‍රගතියක් දකින්නෙ නැහැ.ඒ වගේම රජයේ ඉඩම්වල සිංහල නව ජනාවාස පිහිටුවීමත් ඊට පාදක වී තිබෙන මහවැලි සංවර්ධන ව්‍යාපෘතීන් ඇතුළු රජයේ ව්‍යාපෘතීන් වල අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇතැයි සදහන්ව තිබෙනවා.දෙමළ ජනතාවගේ මාතෘ භූමිය සිංහල ජනතාව වැඩි කරන්න යන බව ඉන් පැහැදිලි වෙනවා.

මේ ව්‍යවස්ථා කෙටුම්පතෙන් යෝජිත නව ව්‍යවස්ථාව තුළින් දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් ප්‍රතික්ෂේප කරල සිංහල බෞද්ධ මහාජාතිය දේශපාලන වශයෙන් බලවත් කර තිබෙනවා.මෙය නොපැවසුවොත් අප විසින් අප ජනතාවට කරන ද්‍රෝහී ක්‍රියාවක් වෙනවා.දෙමළ ජනතාවගේ විමුක්තිය උදෙසා ආයුධ සන්නද්ධව අරගල කරල ඉන්දු ලංකා ගිවිසුමෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක නිරත වූ අප පක්ෂය දෙමළ ජනතාවගේ  බලාපොරොත්තු  ඉටුවන ආකාරයේ සාධාරණ දේශපාලන විසදුමකට බලකර සිටිනවා.



අදහස් (1)

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ප්‍රතික්ෂේප කරන බව ටෙලෝ සංවිධානය කියයි

nihal Monday, 21 January 2019 09:04 AM

ඔය ව්‍යවස්ථා හදන ඔස්තර්ලට බැරිද ඔකේ නිර්භීතව සදහන්කරන්න සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ශ්‍රී ලංකාව තුල ඉඩමක් මිල දීගෙන අයිතිය තහවුරු කිරීමට පුළුවන් කියල මේ අයගේ කටවල් වහන්න

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 282 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 410 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 390 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site