
නව අමාත්‍යාංශ දෙකක් පිහිටුවීම සහ අමාත්‍යාංශ කිහිපයක විෂයයන් සංශෝධනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ජනාධිපතිවරයා ඉතුක් සිකුරාදා (20) මෙම අතිවිශේ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.
ගැසට් නිවේදනයට අනුව මහජන ආරක්ෂක අමාත්‍ය ලෙස නව කැබිනට් අමාත්‍ය ධුරයක් හඳුන්වා දී ඇති අතර පොලිස් දෙපාර්තමේන්තුව එම අමාත්‍යාංශය යටතට පත් කර ඇත. මින් පෙර පොලිස් දෙපාර්තමේන්තුව අභ්‍යන්තර ආරක්ෂාව, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා යටතේ තබා තිබිණ.
තාක්‍ෂණ අමාත්‍ය ලෙස තවත් නව අමාත්‍යාංශයක් ස්ථාපිත කර ඇති අතර සෙසු අමාත්‍යාංශ කිහිපයක විෂයයන්ද සිකුරාදා නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව සංශෝධනය වී තිබේ.



-036
COMMENTS
සර් කැබිනට් මැතිවරු 225 කට වැඩි වෙවිදෝ මන්දා සර්...?
වඩේ හරියට නොකළ නිසානේ මාරු කරන්නේ. ඉතින් ඒ ෆේල් වෙච්චි කට්ටියට වෙන එකක් දුන්නත් ඔයටිකම නේද වෙන්නේ?
හැන්ද තියෙන වෙලාවට බෙදාගන්න එක කාගේත් සිරිතක්නේ...
තව අමාත්‍යාංශ 3කුත් තියෙනවා. ගංජා අමාත්‍යාංශය, පිරිත් කීමේ අමාත්‍යාංශය, මුට්ටි දැමීමේ අමාත්‍යාංශය
බහුතරයකගේ ඉල්ලීම...
අනේ දෙවියනේ අපේ රට මොනතරම් අගාධයකට අැදන් යනවද කියලා බොහෝ අයට නොතේරෙන එක මහා අවාසනාවක් මෙයා අද භාණ්ඩාගාරයට එන මහජන ධනය දිලිප් ජයවීර සහ නිස්සංක සේනාධිපති හරහා එයාගෙ නමට හරවාගෙන රටම විකුණාගෙන කනවා. මේ ව්‍යයසනය තේරුම් ගන්නේ කවදාද ජනතාව ...?
ලංකාවේ අසාර්ථකම ජනාධිපති.
සර් ගැසට් ගහලාම රෙකෝඩ් එකක් තියයි වගේ.
මොනවද මේ විහිළු? තව ඇමැතිලා ටිකක් ඕනෑ වගේ රට හදන්න..
ඇමැතිවරු නම් කොච්චර හිටියත් කමක් නැහැ. අපිට ප්‍රාෙද්ශීය සභා.., පළාත් සභා නම් තවත් එපා.
මොකක්ද අලුත්..? අපිට තියෙන්නේ අමාත්‍යාංශ ඉතා අඩු ප්‍රමාණයක්. මේ විකාර නවත්වන්න. අපි හිතුවා ඔයාට මොලයක් ඇතියි කියලා.